4 කොටස

53 8 1
                                    

" Good morning හංස අයියේ.."

" Good morning.." 

" අයියේ.. තිදැස් අයියා gym එකට එන්න කිව්වා cricket team එකේ මීටින් එකක් කියලා.."

" අහ් හරි මන් යන්නම් මල්ලි.."

පොඩි එකා ආයි දුවගෙන යන්න ගියා. පොර මේ පාර අලුතින් cricket team එකට තෝර ගත්තු මල්ලි කෙනෙක්.. මට මතක විදියට නවය වසරේ ඉන්නේ.. අපේ ඉස්කෝලේ cricket කිව්වොත් ඉතින් ආයි මොනාත් නැ ඒක විතරයි වගේ.. ඒ තරම් ඒකට ආසයි අපේ උන්.. ඔක්කොටම අන්තයි අපේ ඉස්කෝලේ old boys කියන කට්ටිය. අපිට වඩා රුදාව තියෙන්නේ එයාලාට.. මන් හෙමින් හෙමින් gym එකට ගියා..

Cricket club එකේ meetings තියන්න වෙනම room එකක් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට කතා කරන්න සෙට් වෙන්නේ ජිම් එක. ඇයි දන්නේ නැ මුන්ට ඒක අස්සෙම ඉන්න ඕනේ. ඔය මගුල නිසා තමයි අර යෝදයෝ තුන් දෙනා බිහි වෙලා තියෙන්නේ. හැබැයි මාත් ගොඩක් දවසට ඒකේ තමයි workout කරන්නේ. අපේ ඉස්කෝලේ තියෙන අපේ ජිම් එක පාවිච්චි කරන්න කව්රුත් එපා කියන්නෙ නැනේ.  බොරුවට සල්ලි වියදම් කරන්නේ මොකටද..

" අහ් එන්න හංස.. වාඩි වෙන්න.."

මන් දොර ලගට ගියා විතරයි මන් එනකන් බලන් ඉදපු කට්ටිය ඔක්කොම මට කතා කරා. මාත් ඉක්මනට ගිහිල්ලා රාහුල් අයියගේ එහා පැත්තෙන් වාඩි උනා. මට මෙහා පැත්තේ හිටියේ අපේ dancing teacher.. නැත්තන් ඉතින් තිදැස් අයියගේ අම්මා.. මන් ටීචර්ටත් හිනා වෙලා principal sir දිහා බැලුවා..

" මන් මේ කිය කිය හිටි⁣යේ හංස.. අ⁣පිට අලුතින් ටූනමන්ට්ස් වගයක් ඇවිල්ලා තියෙනවා.. ඒවා ටිකත් එක්ක clubs වල වැ⁣ඩ වගේකුත් තියෙයි. ඒගැන කතා කරන්න තමයි එන්න කිව්වේ කොහෙද පනිවිඩේ දෙන්න පරක්කු උනානේ.."

මන් සර්ට පොඩියට හිනා උනා.. මගේ වැරැද්දක් නැ සර්. අර පොඩි එකාගේ තමයි සම්පූර්ණ වැරැද්ද. මන් රාහුල් අයියා දිහා බැලුවම එයා මගේ අතට තට්⁣ටුවක් දාලා it's okay වගේ බැල්මක් දැම්මා.. මන් ඒකෙන් back to normal වෙලා සර් කතා කරන ඒවා අවදානෙන් අහන් හිටියා..

" අපේ cricket club එකෙන් ආයිමත් match එකක් organized කරලා තියෙනවා STC එකත් එක්ක..⁣ මේ පාර ඒකට වැඩ ටික සෙට්ල් කර ගන්න ඕනේ.. මේ පාර cricket match එක අපේ captain & wise captain win කරයි කියලා මන් හිතනවා.."

වෙස් ( Ongoing )Dove le storie prendono vita. Scoprilo ora