01 කොටස ♡'

846 122 51
                                    


" සංසාර පුරුදු නෙක හීන අතරේ....
ඔය හිතට උරුම ඌ මගේ..සුවද
දැනුනද දැනුනද කියන්න...
ඔය හිතට දැනුනද කියන්න..."

මම දිසද සදරැස්...

අමෝ අනේ මන් දන්නෙ නෑ අෆ්ෆා... මේක විසාල කලදලයක් උනානෙ ම්හුක්.. මම මේ අපේ ගෙදර සාලෙට වෙලා සිංදුවක් ප්‍රැක්ටිස් කරනව.. අනේ මන් දන්නෙ නෑ මොන අල ගෙඩියක්ද කියල කොච්චර කිවුවත් නියම තාලෙ අල්ලගම්න බැනෙ ...දිසද බබාට දැන් යකා වාහෙනෝ!

" සංසාර පුරුදු-ආආආආ...අසෝකාආආ මට බෑ මේකහ්!!"

සිංදුව ලියල තිබ්බ කොලේ පොඩි කරල ඔබා ගත්ත කටේ! ඇයි වදේ... අපේ පන්ති බාර වසුන්දරා උඩින්ගියා මිස්ටත් මම ඇර වෙන එකෙක් හිටියෙම නැද්ද දන්නෙ නෑ මේ කෙහෙල් මලට මාවම ගත්තෙ! විසාල විසාල විසාලම කරදරයක් උනා දැන් මේක දිසද බබාට..ම්ම්හුක්!!

" මොකද සුදු මහත්තය මේ කෑගහන්නෙ..? තව පොඩ්ඩෙන් අර පිගන් සෙට් එකත් වැටෙනව මගෙ අතින්.."

" අනේ අම්මි මේ.. උයාට මට වඩා ලොකු මේ තාත්ති ගෙනත් දුන්න මෙලෝ වැඩකට නැති පිගන් සෙට් එකද...?"

" ඔව්! මට ලොකු මගෙ මහත්තය තමයි.. උබල හම්බ වෙන්න කලින් මට එයාව හම්බ උනේ.."

ආන් දැක්කද ආන් දැක්කද අපේ අසෝකත් මට කරන්නෙ වෙනස්කම්.. ඔක්කොම එකයි ඔක්කොම එකයි.. කෝමත් ඉතිම් මම ජම්කි කොම්ල කාලෙ ඉදන්ම දැනගෙන තමා හිටියෙ අපේ අසෝක චූති මට වඩා අපේ වසන්තට ආදරෙයි කියල.. වසන්තත් ඒම තමා..හැබෝ ඉතින් අපේ අසෝක හිටු කිවුවම අපේ වසන්ත හෙල්ලෙන්නෙ නෑ.. වෙන ගෙවල් වල වගේ නෙවේ.. අපේ අම්මිට තාත්ති ගූ බයයි...
හා හා..දැන් ඕවෑන් වැඩක් ඣැහ්! දිසද බබාට කෝම හලි සිංදුව කියාගන්න බැනෙ .. මම මොන ඉලවුවකට O/L වලට සංගීත කලාද මන්ද..

" හරි හරි දැන් ඒ වෑන් වැඩක් නෑ..ඇයි දැන් කෑගැහුවෙ.."

" අනේ අම්මියෙ මට හෙට ඉස්කෝලේ යන්න බෑ අලෝ.."

" ඒ මොකෝ එකපාරටම..?"

අපේ අසෝක එක්ක ඔන්න ඉතින් යකා වැහෙනව.. ඕන එකයි එපා එකයි ඔක්කොම හොයනෝනෙ.. කිසිම කතාවක් නැතුව දිසද බබාට ඉස්කෝලේ යන්න බෑ කිවුවම හා එහෙනම් ගෙදර ඉන්න මා පුතා කියල කියන අම්මියෙක්ව ගේන්න කියන්න ඕනි අපේ වසන්තට..

MATHRA ♡' || TAEKOOK NFHikayelerin yaşadığı yer. Şimdi keşfedin