අපි කට්ටියම කාල බීල ඒම දැන් හිටියෙ සාලෙ Tv බල බල.. මමනම් පැත්තකට වෙලා ඉන්නෙ මොකද ඉතින් අද අපේ ගෙදර අයට දිසද බබාව අමතක වෙලානෙ.. ජුකයි මත.. අද හැමෝටම ලොකු දිලේක් පුතා.. කොයිවෙලෙත් දිලේක්..! දිලේක්..! දිලේක්..!....ආආආ එපා වෙනව..අසෝකයි වසන්තයි දිලේක් පුතා එක්ක කතාවක්..අපේ පක දෙනුකයනම් උගේ පේවලිත් කතාව බලනව..මොකක්ද මේ කොළඹ ඉතාලියද මොකක්ද කියල..දිසද බබා දන්නෙ නෑ අනී ඕව.. මුකද කියනවනම් දිසද බබා Tv බලන්නෙනෑ...වෙනදට මේ වෙනකොට එක්කො දිසද බබා එලියට වෙලා තරු බලනෝ..නැත්නම් කාමලේට වෙලා කතා පොතක් කියෝනෝ...ඒත් ඉතින් අද දිසද බබාට ඔය එකකටවත් හිත දුන්නෙ නැනෙ.. හිතුනෙම දිලේක් කියන මහසෝන දිහා බලාඉන්න..ඇයිද මන්ද ම්ම්හුක්! ..
ඇත්තටම කව්ද අනී මේ දිලේක් අවතාරෙ.. අපේ අසෝකයි, වසන්තයි මෙච්චල මේ මනුස්සය ගැන දැනගෙනත් දිසද බබා දන්නෙ නෑනෙ.. මෙච්චල කාලයක් හිටියෙත් මීගමුවෙලු..කෝමත් අපේ වසන්ත මාලු බිස්නස් එකක් කරනවනෙ මීගමුවෙ..එතොට මේක මාලු බාපු එකෙක්ද අප්පා... යසයි..ඒනම් මෝරු, තෝරු කාල වෙන්නැති මේ සද්දන්තය වගේ ඉන්නෙ..
" දිසද..!!!!"
" ආ..ඇයි අසො-අම්මි...?"
අර අවතාරෙ දිහා බලන් කල්පනා කරකර ඉදල අසෝක කතා කලා ඇහුනෙත් නෑ.. අන්තිමට අපේ අසෝක සිවිලිම උඩ යන්න කෑගැහුවමයි දිසද බබාට ඇහුනෙ.. බාන්නකො අනී ඒ තරමටම දිසද බබා අර මහසෝන් අවතාරෙ ගැන හිතල.. ඔක්කොමත් හරි එකපාරට කලබලේට තා පොඩ්ඩෙන් අපේ අසෝකට අම්මි වෙනුවට නම කියවෙනව..! දිසද බබාගෙ වෙලාව හොද නිසා තමා බේරුනේ... කියවුනානම් ඒම අද දිසදට එලියෙ තමා දොයියන්න වෙන්නෙ.. හැබෝ ඒම උනොත් ඉතින් අපේ අසෝකටම තමා පාඩුව..දිසද වගේ ලම්සන , හුලතල් , සුකුමාල පැංචෙක් එලියෙ රෑ තනියෙම හිටියොත් ඒම කලුකුමාරය කොල්ලෙක් කියල බලන්නෙ නැතුව දිසද බබාටත් බැල්ම දායි...
" ඇහෙන්නෙ නැද්ද ළමයො අර පෝන් එක රින්ස් යනව..කොයි ලෝකෙද ඉන්නෙ.?"
සිලා තමා යකූ!! අපේ අසෝක මේ සිවිලිම උඩ යන්න කෑගාල තීන්නෙ දොසදගෙ පෝන් එක කාමලේ ඉදන් අඩන නිසානෙ..අපේ අසෝක මටත් රවල ඒම කිව්වම මම ගොන් හිනාවක් දාල ශේපට මාරු උනා එතනින්..මොකද තා ටික වෙලාවක් හිටියොත් දිසදගෙ සායම ගහගෙන යනව.. මොකො කිව්වොත් අපේ අසෝක කෑගැහුවට පස්සෙ මම ආයෙ අර මහසෝන් දිස්ටිය දිහා බලනකොටයි දැක්කෙ ඒකා මා දිහා බලාගෙන..හික්!! කන්න වගේ මම බලන් හිටපු එක දැක්ක ඒ යකා.. වස ලැජ්ජාව..හපෝ හපෝ මටමයි වෙන්නෙ...!!
YOU ARE READING
MATHRA ♡' || TAEKOOK NF
Non-Fictionදෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුවක් වීලා.... පියඹන්නම්.... ' මාත්රා ♡' රාක්ශයෙක්ව ආදරණීය පුදගලයෙක් කල ස්නේහ මාත්රාවක කතාව.....' By Angel_Yamasakura...