23 කොටස ♡'

474 85 65
                                    


ඔන්න පෙන්ස් අදත් සුදුපුරු පරිදි උදෙන්ම නැගිට්ටා.. ඉස්කෝලේනෙ අනේ.. කම්මැලී තමා ඉතිම් ටිකක්.. ඒ උනත් මීට් එක නිසා උගන්නන්නෙ නැනෙ.. සෝ ෆනී එකේ හිටියෑකි..සියලු වැඩ නිමා කරල 7 වෙනකොට අපේ පම්ක දෙනුකය එක්ක මම ඉස්කෝලේට ආවා.. තේව් අවතාරෙ එක්ක තමා ආවෙ..අපේ පිටිපස්සෙන්ම වගේ  .. මමනම් හිටියෙ යුනිෆෝම් එකෙන්..ඒත් තේව් හිටියෙ ට්‍රැක් කිට් එකෙන්..මීට් එක නිසා ඒක ගානක් නෑ..අනික කොල්ලොනෙ..

" ඔය නිකම් අලේ වගේ ඉන්නෙ නැතුව රිලේ දුවන්නවත් පලයන් චූටි..."

ඕන් උදේ පාන්දර පම්කය කියන කතාව..බාන්නකො පෙන්ස්..අලේ වගේ ඉන්නෙ නැතුව රිලේ දුවන්න යන්නලු දිසදට..මූ ඔෆිස් යන්නෙ කියල බැලුවෙ නෑ අතේ තිබ්බ බෑග් එකෙන්ම දුන්න ඔලුවට පාරක්! යකෝ දිසද රිලවනම් මූත් රිලවෙක්නෙ..අපි දෙන්නම වසන්තගෙ කොපීස් නෙ අනේ..

" මොකද බන් ගහන්නෙ..!?"

" මම රිලවෙක් නෙවෙයි හරී..! "

" අම්මෝ අම්මෝ බය උනා මම.."

" දෙනුකකකකක!!!"

දිසද ඇගිල්ල දික් කරල රිලවෙක් නෙවෙයි කිව්වම, අම්මෝ අම්මෝ බය උනා ගාල මට දිවත් දික් කරල එයැයි ගියා! අහුවෙයන්කො මට..මෝඩ පම්කය! හැමදාම ඔහොමනෙ පෙන්ස්..මේ ගේට්ටුවෙන් ඇතුලට යන්නෙම ගිනිගෙඩියක් කාලනෙ..අනේ මන් දන්නෙ නෑ එපා වෙනව අප්පාහ්! එහෙන් තේව්ව දාල අවතාරෙ දවල් වෙලා ආයෙ එනවලු ඉස්කෝලේට..ර්‍රර්‍රර්‍ර ඒකට වගකියන්න ඕනි අපේ වසන්ත..මොන ලබ්බකට හව්ස් හදන වැඩේට මේ වසවර්තියව දැම්මද මන්ද.. අර මහ උන්නෑහැ වගේ ඉන්න පම්ක දෙනුකයව දැම්මනම් හරිනෙ..ම්හ්ක් මේ කොහෙද යන අවතාරයක් දාල දැන් දිසදට ගෙදර ඉන්නත් නෑ ඉස්කෝලේ ඉන්නත් නෑ..විසාල කරදරයක් වෙලා මේක!

" සුතු පුතා..මොකෝ මූඩ් ගහල..?"

කල්පනා ලොව තනිවෙලා යනකොට තේව් ඇවිත් නැග්ග කරේ..එච්චරයි අඩුවකට තිබ්බෙ.. උබ මගෙ චූටි කාලෙ ඉදන් බොම්ක නිසා මොකුත් කියන්න බෑ නැත්නම් දනී දිසදගෙ කටින් පනින්න එන වචන! වැඩි හරියක්ම මුගෙ අර අවතාර අයියණ්ඩිය නිසා..

" උබ බැජ් එක ඩිසයින් කලාද දිසද..?"

" නෑ තේව්..මලගේ අස්සෙ කෝමද අනේ ඒව කරන්නෙ.."

MATHRA ♡' || TAEKOOK NFOnde histórias criam vida. Descubra agora