22 කොටස ♡'

405 90 30
                                    


" මොකක්ද උනේ..!!!?"

" හහ්..!"

මාව ආයෙ එහෙම්ම දොරට හේත්තු උනා.. බය වෙච්ච පාර තාම පපුව ඩොන් ඩොන් ගගා ගැහෙනව..අනේ අම්මපා මුන් ඔක්කොම හදන්නෙ දිසදව මරන්න පෙන්ස්..මම බොරුද කියන්නෙ.. මේක නම් මහ අවතාරයක්ම තමයි..කාමරේට ඇවිත් ආයෙ අර වගේ පරාල නම් එපා කියල දොර පැත්තටත් වැදල අනිත් පැත්ත හැරෙනකොට මෙන්න ඉන්නව තේව්ගෙ අයියණ්ඩි...අවතාරයක්ම තමා..එහෙන් එවලෙ දුලාන් අයිය මාව අල්ල ගත්ත වෙලේ තේව් කොහොම, කොයි වෙලේ එතනට ආවද මන්ද.. දැන් මෙයැයි..කොහෙන් කඩන්පාත් උනාද මන්ද මෙතනට...

" අ.අයියෙ..?"

" ම්ම්.."

බය වෙන්නෙ නැද්ද පෙන්ස්.. මෙහෙම එක පාරට මතු වෙනකොට.. දැනුත් මගෙ මූන දිහා බලාගෙන ඉන්නව..ඒකත් මට ලගින්ම වගේ..ඔන්න පෙන්ස්..දිසද දැන් තමා අවතාරෙගෙ ඇස් දෙක දැක්කෙ.. දැකල නැත්තෙමත් නෑ ඉතින්..මම කියන්නෙ මෙච්චර ලගින්..
එයාගෙ ඇස් කලු පාටයි..රවුම්.. ලස්සනයි.. එයා මේ මලගේ දවස් ටිකේ නම් එහෙන් මෙහෙන් සුදු ඇන්ද..ඒත් එයාට ගැලපෙන්නෙම කලු.. කලුපාටට තියෙන එයාගෙ ඇස්.. එයාගෙ තියෙන හැන්සම් ලුක් එකටත් මැච් වෙනව පෙන්ස්..

" මොකක්ද උනේ..?"

එයැයිගෙ ඇස් අස්සෙ අතරමං වෙලා හිටපු මාව මේ ලෝකෙට ආව.. දැන් එයැයි අහනව මොකක්ද උනේ කියල පෙන්ස්.. ඉහිම්..දැන් මොකක්ද කියන්නෙ..ලිද ගාවට යන්න යනකොට මගදි දුලාන් අයිය හම්බ වෙලා කරදර කරා කියලද..?පිස්සුද..මම නම් කියන්නෑ..එදා මෙයැයි කිව්වෙ..එහෙම උනොත් අඩු කඩනව කියල..අනේ ඊට වඩා හොදයි නිකන් ඉන්නව..හොදට අපේ අසෝකයි, වසන්තයි හදල තියෙන අඩු ටික මේ අවතාරෙට කියලනම් කඩා ගන්න කිසිම අවශ්‍ය තාවයක් දිසදට නෑහ්!

" ම්.මොකුත් නෑ.."

" මොකුත් නෑ..?ඇයි එහෙනම් බයෙන් වගේ දුවන් ආවෙ..?"

ර්‍රර්‍රර්‍ර දැන් මොකක්ත කියන්නෙ..අනේ දිසදව බේරගනිල්ල පෙන්ස්..මල කරුමෙ..හදිස්සියට බොරුවක් මතක් වෙන්නෙත් නෑ ..

" මොකුත් නෑ අයියෙ.. කෝ අයින් වෙන්න මම යන්න ඕනි.."

කියාගන්න දෙයක් නැති කමටම මම එහෙම කියල එයාව එතනම දාල දොර ඇරන් එලියට ආව.. හම්මෝ..දැන් තමා හුස්ම ටිකක් වැටෙන්නෙ..පපුවත් අතගගාම මම එහෙම්ම කුස්සිය පැත්තට ගියා..අසෝකටවත් උදව් කරන්න ඕනි..හැබැයි ඔය අස්සෙ මට මතක් උනේ දුලාන් අයියව..තේව් ගැහුවට පස්සෙ එයා කොහේ ගියාද දන්නෑ...




























MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now