02 කොටස ♡'

444 104 10
                                    


රෑ 7.30යි වෙලාව..මම තාමත් සාලෙට වෙලා කල්පනා කරනව.. උහුම්..දැන් ඔයැයිල හිතන්න එපා මම මේ කල්පනා කරන්නෙ යාලුවෙලා ඉන්න එකෙක් ගැනවත්දෝ කියල..එහෙම නෑ අනී..දිසද බබා කා එක්කවත් පේම ශබදතා පවත්තගෙන නෑ.. දිසද බබා මේ අහස පොලොව ගැට ගහන්න වගේ කල්පනා කොරන්නෙ හෙට මොකද කොරන්නෙ කියල .. සිංදුව සිංදුව අනේ..

අනේ උබල කට්ටිය ප්‍රාර්ථනා කරහන්කො රැස්වීම ලබන සතියෙ බදාදට කල් යන්න කියල..ඉහිම් ඉහිම්.. මම ඒනම් අනිවාලෙන් පැස්ටිස් කරනව..බලමුකො දිසද බබා වාසනාවන්තයිනම් වැඩේ හරියයි..
දැන්නම් කම්මැලියි..මම ඒ නිසා පොඩ්ඩක් එලියට ආවා.. හතයි ගානකටත් වෙලා හරිනම් මේ වෙනකොට වසන්ත එන්න එපෑ.. අපේ පක දෙනුකයනම් මීට පැයකට විතර කලින් ආවා..අනේ ඕකගෙන් මට වැඩක් නෑ.. පොඩි කාලෙ ඉදන් පොඩි එකා නිසා මට ගේන ඒව ඕක තමා වැඩි හරියක් කෑවෙ..මට ඉතින් පොඩි නිසා තේරෙන්නෙ නෑනෙ..ඕක ඔහොම්මයි... මල පෙරේත පක දෙනුකය...

ඉස්තෝප්පුවෙ ලයිට් එක තාම දාල නෑ.. ඕක දාන්නෙ ඉතින් අසෝකනෙ..පුරුද්දක් විදියට..ඒත් අද මම අර එවලෙ වසන්ත කෝල් කරපු එක කියපු වෙලේ ඉදන් අපේ අසෝක තාම ආසාවට කුස්සියෙන් එලියට ආවෙ නෑ... උයනව උයනව ඉවරයක් නෑ... ඒ නිසා අද ලයිට් දාල නෑ.. දිසද බබාටත් අමතක උනා ඉතින්..කරුවලේ එලියට බැස්සම ලස්සනයි ඉතින්.. අපේ ගෙදර මිදුල ටික දුරක් තියේ.. ඊට එහෑන් තියෙන්නෙ ගල්ලැටිය..ගල්ලැටියට පල්ලෙහ තේ ඉඩම..ඒකට පල්ලෙහ මහ ඇළ.. මේ ඉඩමම අපේ වසන්තගෙ තමා ඉතිම්...ඇළත් අපේ හුම්...

මම මිදුලට බැහැල ටිකක් එහා මෙහා ඇවිද්ද..ආආඅ සනීපයි...හුලගකුත් එනව ...ගේ වටේම අපේ අසෝක අර අලි ලොකු මල් ගස් හිටෝල.. නමනම් දන්නෙ නෑ දිසද බබා ඒවැගෙ..ඔයැයිල දන්නවනම් කියාගෙන යන්න දිසද බබාටත් දැනගන්න...

බීප්.... බීප්....

හම්මූ...අපේ වසන්තය ඇවිත්... එකපාරට හෝන් සද්දෙයක් ඇහුනම දිසද බබා ගැස්සිලා ගියා.. හරියන්නෙ නෑ වසන්තගෙ කාර් එකේ තියෙන හෝන් එක ගලවන්න ඕනි...

" මොකද සුදුමහත්තය මේ කරුවලේ එලියෙ කරන්නෙ..?"

" දිසද බබාට අමතක උනානෙ තාත්ති... "

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now