Chapter 1

567 76 127
                                    

"ආයිශ්! ඔම්මා ඔය එලාම් එක ඕෆ් කරන්නකෝ...මොන වදයක්ද..." තුරුල් කරන් හිටපු කොට්ටෙන් කන් දෙක වහගත්තු ජන්කුක් බෙරිහන් දුන්නෙ එලාම් එකේ වදේ ඉවසගන්න බැරි තැන...

"ආහ්...නිදහසේ නිදාගන්නවත් නෑ"
කවුරුත් ඇවිත් එලාම් එක ඕෆ් නොකරපු නිසාම කෙදිරි ගගා නැගිටපු ජන්කුක් ඇදේ දිගාවෙලා ෆෝන් එක අතට ගත්තෙ එලාම් එක ඕෆ් කරන්න වුනත් වෙලාව දැකපු හැටියේ මිනිහා උඩ ගියා...

"ශිට්...ඇයි කවුරුවත් මාව නැගිට්ටුවේ නැත්තේ???" ආපහු මුලු ජොන් මැන්ශන් එකටම ඇහෙන්න කෑගැහුව ජන්කුක් දඩිබිඩියේ ඇදෙන් බැහැලා වොශෲම් එකට දිව්වා...

ඇයි කවුරුවත් මාව නැගිට්ටුවේ නැත්තේ???" ආපහු මුලු ජොන් මැන්ශන් එකටම ඇහෙන්න කෑගැහුව ජන්කුක් දඩිබිඩියේ ඇදෙන් බැහැලා වොශෲම් එකට දිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජොන් ජන්කුක්...
ව'ල්ඩ් ෆේමස් ජොන් එන්ටප්‍රයිසස් එකේ අනාගත අයිතිකාරයා...ඒ වගේම ජොන් පවුලෙ බාලයා...හොස්ස ළගින් මැස්සා යන්න බෑ වගේම දෙයක් ඕනෙ කිව්වොත් ඕනෙමයි...කාලෙකට කලින් පවුලේ සල්ලි බලය ඉස්සරහට දාලා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු ජන්කුක් එකපාරටම නිහඩ වුනු හේතුව කවුරුවත් දැනන් හිටියෙ නෑ...අහංකාර වගේම දගකාර ගති තාමත් තිබුනා වුනත් කලින් තිබ්බ සෙල්ලක්කාර ගති ජන්කුක්ගෙන් ගොඩක් ඈතට ගිහින් තිබුනා...

පවුලේ බල කිරීමට බිස්නස් වැඩ කළා වුනත් බිස්නස් තමන්ට පැවරෙනකන් තමන්ගෙම කියලා ආට් ගැලරි එකක් දාගන්න ජන්කුක් අප්පගෙන් පර්මිශන් ගත්තෙ සෑහෙන අමාරුවෙන්...මොකද මීට කලින් ජන්කුක් කරල තියෙන වැඩත් එක්ක එයාව විශ්වාස කරන එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්...

සෝ ෆයිනලි ජෝන් මැන්ශන් එක ඇතුලේ කරපු ලොකු යුද්ධෙකට පස්සෙ ජන්කුක් යන්තම් සෝල්වල ආට් ගැලරි එකක් ඕපන් කළා...හැබැයි කොයි වෙලාවකවත් ජන්කුක් තමන්ගෙ ඇත්ත නමින් ගැලරි එකේ පෙනී හිටියෙ නෑ... මොකද එයාට ඕනෙ වුනේ එයාගෙ කියලා නමක් හදාගන්න...ඒකට අප්පගෙ නම පාවිච්චි වෙනවා දකින්න එයාට ඕනේ වුනේ නෑ...ඉතින් ගැලරි එකේ වැඩ කරන වගේ ගැලරි එකට එන හැමෝම එයාව දැනන් හිටියෙ ජස්ටින් කියන නමින්...

Unexpected Ties | Taekook Where stories live. Discover now