Chapter 5

190 59 61
                                    

"ඔම්මා ප්ලීස්...ඔයාවත් මන් කියන දේ අහන්නකෝ...මට බෑ දැන්ම මැරි කරන්න..." ජන්කුක්ගෙ බැගෑපත් කටහඩ මුලු ජොන් මැන්ශන් එක පුරාම දෝංකාර දුන්නා...

මේ වෙද්දි ජන්කුක්ගෙ මුලු ජීවිතේම බාගෙට අපායක් වෙලා තිබ්බෙ...කලින් සතියෙ ජන්කුක් ටේහ්‍යුන්ගෙ ගෙදර ගිහින් ,සෙමට්‍රි එකටත් ගිහින් ආපහු ගෙදර එනකොට ජන්කුක්ගෙ ඔම්මයි අප්පයි ගෙදර ඇවිත් හිටියෙ නිකන් නෙවේ...ජන්කුක්ට මැරේජ් ප්‍රපෝසල් එකක් අරගෙන...

මිස්ටර් ජොන්ගෙ යාලුවෙක්ගෙ ළමයෙක්ව තමයි ජන්කුක්ට ප්‍රපෝස් කරලා තිබුනේ...ජන්කුක් කොච්චර ඒක ප්‍රතික්ෂේප කරන්න හැදුවත් මිස්‍ටර් ජොන් තමන්ගෙ තීරණේ වෙනස් කරන්න කිසිම ලෑස්තියක් තිබ්බෙ නෑ...

ඉතින් අද තමයි ජන්කුක් එයාගෙ වෙන්න ෆියොන්සෙව බලන්න යන දවස...මුලු සතියෙම නොකා නොබී ජන්කුක් යුද්ධ දාහක් නැටුවත් ජන්කුක්ගෙ අප්පගෙ තීරණේ වෙනසක් වුනේ නැහැ...ඔක්කොටම වඩා ජන්කුක්ගෙ හිත හොදටම පෑරුනෙ වෙනදට තමන්ගෙ පැත්තට කතා කරන ඔම්මත් මේ පාර අප්පගෙ වචනෙට කැමැත්ත දීලා තිබ්බ එක...

"නෑ පුතා...අප්පා කියන දේ ඇත්ත...මන් තමයි පොඩි එකා කියලා ඔයාව නරක් කළේ...පව්නෙ කියලා හැමදාම බේරගත්ත නිසා තමා ඔයා මේ වගේ කිසිම වගකීමක් නැති විදිහට වැඩ කරලා තියෙන්නෙ....තවත් ඔයාට ඕනෙ විදිහට ඉන්න දුන්නොත් ඔයා මොනවා කරගනීද දන්නෙ නෑ...ඒ නිසා අපි කියන දේ අහලා මේ මැරේජ් එකට කැමති වෙන්න...එහෙම නැත්තන් ඔයාට ඔම්මා අප්පා කියලා දෙන්නෙක් නැති වෙයි..." ජන්කුක්ට වචනයක්වත් කියන්න උඩ නොදුන්නු මිසිස් ජොන් ජන්කුක්ට අදින්න ගෙනාපු සූට් එකත් එක්ක ජනකුක්ව තනි කරල එතනින් යන්න ගියා...

ඔම්මා ගිය හැටියෙ මූණ අත් අතරෙ හංගගත්තු ජන්කුක් දිග හුස්මක් හෙලුවෙ එයාට මුලු ජීවිතේම අතාරින්න මොහොතකට හිතෙද්දි...සමහරවිට මීට මාස දෙක තුනකට කලින් ඔම්මලා මේ යෝජනාව ගෙනාව නම් ජන්කුක් කිසිම හැගීමක් නැති මනුස්සයෙක් විදිහට මේකට එකග වෙයි...

ඒත් දැන් එයාට ඒ දේ කරන්න බෑ...මොකද බලාපොරොත්තු වුනේ නැති විදිහට හම්බුනු අමුත්තො දෙන්නෙක් ජන්කුක්ගෙ හිතට නොදන්නා වගකීමක් එකතු කරලා... ඔව් ඒ ටේහ්‍යුනුයි දුවයි...

Unexpected Ties | Taekook Where stories live. Discover now