Chapter 9

230 64 138
                                    

"ඔය දෙන්නා ගිහින් එන්න...මට පුලුවන් දුවව බලාගන්න..." ජිමින් කිව්වෙ ටේහ්‍යුන් දුවවත් අරන් යන්න හදද්දි....

ජන්කුක් ටේහ්‍යුන් පික් කරන්න ඇවිත් හිටියෙ...දෙන්නම අපාට්මන්ට් එකේ දොර ගාව හිටගෙන...ටේහ්‍යුන් හැදුවේ දුවවත් එයාලා එක්ක එක්කන් යන්න වුනත් ජිමින් කැමති වුනේ නෑ පොඩි එකාව සෙනග අස්සෙ අරන් යනවට...

"ඒත් ජිමින් බබා අඩන්න ගත්තොත් ඔයාට බලාගන්න අමාරුයිනේ..." ටේහ්‍යුන් කියද්දි ජිමින් හුස්මක් ගත්තා...

"කියන දේ අහන්න...සෙනග අස්සෙ අරන් ගිහින් බබා අසනීප වුනොත්...එයා මට හුරුයිනෙ දැන්...අනික දවල්ට නිදියගත්තහම කොහොමත් හවස් වෙනකන් එයා නිදිනෙ...බයවෙන්න එපා...." ජිමින් කියද්දි ජන්කුක් මැද්දෙන් පැන්නා...

"ඒත්...අපි බබාව ගෙනියන්නම්...හදිස්සියෙ ඇහැරුනොත්වත්..." ජන්කුක් කියද්දි ජිමින් රැව්වා...

"ඔම්මයි අප්පයි බක පණ්ඩිත නොවී යනවද දැන්වත්...එයා ඇහැරියොත් මන් කෝල් එකක් දෙන්නම්...බායි...." ටේහ්‍යුන්ටවත් ජන්කුක්ටවත් මුකුත් කියාගන්න ඉඩ නොදීම ජිමින් දඩාස් ගාල දොර වැහුවා...

ඔම්මයි අප්පයි කියලා ජිමින් කිව්ව විදිහට ජන්කුක්ට වගේම ටේහ්‍යුන්ටත් අමුතු ලැජ්ජාවක් ආවා...දෙන්නා අතරෙ මේ වෙනකන් ලොකු කනෙක්ශන් එකක් තිබ්බෙ නෑනේ...මොහොතක් ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් කා පාර්ක් එක පැත්තට යන්න අඩිය ඉක්මන් කළේ ටේහ්‍යුනුත් ඒ පස්සෙන් එද්දි...

ටේහ්‍යුන්ගෙ පැත්තෙ දොර ඇරලා දුන්නු ජන්කුක් අනිත් පැත්තෙන් ඇවිත් කා එකට නැග්ගෙ ටේහ්‍යුන් සීට් බෙල්ට් එක දාගන්න ට්‍රයි කරද්දි...කීපපාරක් ඇද්දත් ඒ බෙල්ට් එක එක තැනක හිරවෙලා තිබ්බා...

ටේහ්‍යුන් කරන දේ දිහා පොඩ්ඩක් වෙලා බලන් හිටපු ජන්කුක් ටේහ්‍යුන් දිහාවට පාත් වුනේ ටේහ්‍යුන්ගෙ අතේ තිබ්බ බෙල්ට් එක තමන්ගෙ අතට ගන්න ගමන්...හිතපු නැතිවෙලේක ජන්කුක් තමන්ගෙ මූනටම ළං වෙලා ඉද්දි මුකුත් හිතාගන්න බැරිවුනු ටේහ්‍යුන් ජන්කුක් දිහා ලොකු කරගත්තු ඇස්වලින් බලන් හිටියේ කරන්න හදපු දේ මොහොතකට අමතක කරලා ජන්කුක්නුත් ටේහ්‍යුන්ගෙ දිලිසෙන ඇස් දිහා බලන් ඉද්දි...

Unexpected Ties | Taekook Where stories live. Discover now