Chapter 10

197 64 68
                                    

"ඒයි...පාර්ක් ජිමින්...යුන්ගිව දැක්කද?" ජන්කුක් අහද්දි ජිමින් කම්මුල් පුම්ගත්තා...

"මගෙන් අහන්නෙ මන් එයාව උස්සන් හිටියෑ..." ජිමින් රව රව කියද්දි ජන්කුක්නුත් ආපස්සට ජිමින්ට ඇද කළා...

ජන්කුකුකුයි ජිමිනුයි හිටියේ අල්තාරේ උඩ...ඔව් ඔව් අද ජන්කුක්ගෙයි ටේහ්‍යුන්ගෙයි වෙඩින් එක...කට්ටිය සේරම කලින් දවසෙ ඉදන්ම ඉවෙන්ට් එක තියෙන හොටෙල් එකේ නැවතුනේ වැඩ වලට පහසුවක් වෙන්න...දවස් දෙකක විතර ඉදන් ජන්කුක් ටේහ්‍යුන්ව දැක්කෙ නෑ...මොකද වෙඩින් එකට කලින් වයිෆ් හස්බන්ඩ්ට පේන්න ඉන්න හොද නෑ කියලා මිසිස් ජෝනුයි, මිසිස් පාර්කුයි පිස්සු නටන්න ගත්තනෙ...සෝල් නිතරම ටේහ්‍යුන්ව හොයන නිසා ඒකෙන් මේකෙන් ජන්කුක් දවස් දෙකකින් විතර සෝල්ව දැක්කෙත් නෑ...ඒ දවස් දෙකටත් ජන්කුක්ට නිකන් සාංකාව වගේ...

කොහොමහරි වෙඩින් එක දවසෙ උදෙන්ම රෙඩි වෙලා ජන්කුක් ඉක්මනට ෆන්ශන් එක තියෙන තැනට ආවත් උදේ ඉදන්ම ජන්කුක්ට පල් කර කර ඩ්‍රෙසින් රූම් එකේ විකාර කර කර හිටපු යුන්ගි එතනට ඇවිත් හිටියෙ නෑ...ටිකක් එහාට වෙන්න ෆාදර් එක්ක කතා කර කර හිටපු මිස්ටර් ජොන් ඇරෙන්න අල්තාරේ උඩ ජන්කුක්ගෙ තනියට හිටියෙ ජිමින් විතරයි...

ගෙස්ට් සීට්ස්වල ජන්කුක්ගෙ පැත්තෙ ජොන් ෆැමිලි එකයි පාර්ක් ෆැමිලි එකයි තව ගෙස්ට්ලා වගේකුයි ඉදගෙන හිටියෙ ටේහ්‍යුන්ගෙ පැත්තෙ මින් ෆැමිලි එකයි දේහ්‍යුන්ගෙ පරණ යාලුවො කීපදෙනෙකුයි වාඩිවෙලා ඉද්දි...සෝල් හිටියෙ මිසිස් ජොන්ට තුරුල් වෙලා...

ටේහ්‍යුන්ට පවුලෙ අය කියලා කවුරුත් නොහිටියත් මින් ෆැමිලි එක ටේහ්‍යුන් වෙනුවෙන් හිටපු එක ජන්කුක්ට ලොකු සහනයක් ගෙනාවා...ඒත් ටේහ්‍යුන්ව අල්තාරෙ වෙනකන් එක්කන් එන්න කවුරුත් නැති එක නම් ජන්කුක්ට ලොකු අඩුවක් වගේ දැනුනා...මුලින්ම අප්පා ටේහ්‍යුන්ව එක්කන් එයි කියලා හිතුවත් එයාගෙ ඒ වගේ ලෑස්තියක් පෙනුනේ නෑ...

ගෙස්ට්ලා සේරම වගේ ආවට පස්සෙ මිස්ටර් ජොන් ගිහින් මිසිස් ජොන්ගෙ එහා සීට් එකේ වාඩිවුනේ ෆන්ශන් එක පටන් ගන්න හරි කියලා අගවලා...

Unexpected Ties | Taekook Where stories live. Discover now