Chapter 11

258 65 46
                                    

මැන්ශන් එකෙන් ඇතුලට කා එක දාපු ජන්කුක් ටේහ්‍යුන් බහින්න කලින් බැහැලා හොදටම නින්ද ගිහින් හිටපු සෝල්ව වඩාගත්තා...

ගාඩ්න් එකේ හිටපු බොඩිගාඩ් කෙනෙක් ඇවිත් කා එකේ තිබුන  ලගේජස් ටික ගනිද්දි ජන්කුක් බබාවත් වඩන් මැන්ශන් එක ඇතුලට ගියේ ටේහ්‍යුන් ඒ පිටිපස්සෙන් එද්දි...ඇතුලට ඇවිත් ටේහ්‍යුන් අතට බබාව දුන්නු ජන්කුක් බොඩිගාඩ් අතින් ලගේජස් ටික අරන් දොර වැහුවේ ජන්කුක්ට ආචාර කරපු බොඩිගාඩ් එතනින් යන්න යද්දි...

ජන්කුක් ඇතුලට එනකනුත් හිටපු තැනම බබාවත් වඩන් ඉන්න ටේහ්‍යුන්ව දැක්කහම ජන්කුක්ගෙ මූනේ පොඩි හිනාවක් ඇදුනා...

"උඩට යන්න ටේහ්‍යුන්...බෙඩ් රූම් එක උඩ..." ජන්කුක් කිව්වත් බබාවත් තුරුල් කරන් ටේහ්‍යුන් දිගටම ජන්කුක් දිහා බලන් ඉද්දි ටේහ්‍යුන් තනියම යන්න බයයි කියලා තේරුනු නිසා ජන්කුක් ලගේජස් ටික අරන් ටේහ්‍යුන්ට යන් කියලා සන් කළේ ටේහ්‍යුන් හිමින් හිමින් පඩිපෙළ නගින්න පටන් ගනිද්දි...ජන්කුක්නුත් ඒ පස්සෙන් ගියා...

මේන් බෙඩ් රූම් එක කියල හිතන්න පුලුවන් රූම් එකක් ඉස්සරහ නැවතුනු ජන්කුක් දොර ඇරියෙ ටේහ්‍යුන්ගෙ අතේ බබා හිටපු නිසා...ටේහ්‍යුන්ට ඇතුලට යන්න ඉඩ දීල දොර වහපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ පැත්තට හැරුනත් ටේහ්‍යුන් මූනත් රතු කරන් බිම බලන් ඉන්නවා දැක්කහම ජන්කුක් බැලුවේ මේ මොකද කියලා...

මොකද වුනේ කියලා අහන්නත් හදලා ටිකකට පස්සෙ වටපිට බැලුවහම තමා ජන්කුක්ට කාරණේ තේරුනේ...

ඒ මුලු රූම් එකම රෙඩ් ඇන්ඩ් වයිට් මික්ස් කරලා ඩෙකරේට් කරලා...මුලු කින්ග් සයිස් බෙඩ් එකම රෝස පෙතිවලින් වැහිලා ගිහින් තිබ්බෙ ලයිට්ස් ඕන් වෙලා තිබුනත් කාමරේ තැන තැන ඉටිපන්දම් දැල්වෙද්දි...බෙඩ් එක එහා පැත්තෙම වගේ පොඩි කොට් එකකුත් තියලා තිබ්බා...

ටේහ්‍යුන්ට වගේම අපහසුවක් ජන්කුක්ටත් දැනෙද්දි ඒක තවදුරටත් දුර දිග යන්න නොදුන්න ජන්කුක් උගුර පෑදුවා...

" ඔයා බබාව කොට් එකෙන් තියලා වොශ් එකක් දාගන්න..." ජන්කුක් කියද්දි මෙච්චර වෙලා බිමට හැරිලා තිබ්බ ටේහ්‍යුන් ඇස් ජන්කුක් දිහාට හැරුනේ ඒ ඇස්වල ප්‍රශ්නාර්තයක් ඉතිරි වෙලා තියෙද්දි...

Unexpected Ties | Taekook Where stories live. Discover now