Chapter 12

231 64 49
                                    

6 months later

"ඒයි කපටි කෙල්ල....හොර කරන්න බෑ...කෝ ආ කියන්න..." ජන්කුක් හිටියෙ සෝල්ට කෑම කවන ගමන්...

මේ වෙනකොට ජන්කුක්නුයි ටේහ්‍යුනුයි මැරි කරලා මාස හයක්...මැරි කළාට පස්සෙ ජන්හ්‍යුන් ජොන් කම්පැනි එක ජන්කුක්ට බාර දීලා බිස්නස්වලින් නිදහස් වුනා...කම්පැනි එකයි ගැලරි එකක් දෙකම වෙන වෙනම හැන්ඩ්ල් කරන්න බැරි නිසා ජන්කුක් ගැලරි එක ජොන් කම්පැනි එක යටතට ගත්තා...

ටේහ්‍යුන්ගෙයි ජන්කුක්ගෙයි සම්බන්ධෙ මේ වෙද්දි හොද විදිහට වර්ධනය වෙමින් තිබ්බත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉස්සර වෙන්න උත්සහ කළේ නෑ...තාම ඒ දෙන්නා අතරෙ තිබුනේ යාලුකමක් වගේ දෙයක්....දෙන්නට දෙන්නා එකිනෙකා ගැන හොයලා බැලුවා වුනත් මැරීඩ් කපල් එකක් විදිහට ලව් ලයිෆ් එකක් කියන එක ගැන දෙන්නම ඉදිරි පියවරක් අරන් තිබුනේ නෑ...දෙන්නම කතා කළේ සෝල් ගැන මිසක් ඒ දෙන්නට තනියම ඒ දෙන්නා ගැන කතා කරන්න දේවල් තිබුනේ නෑ...ටේහ්‍යුන්ට කොහොම වෙතත් ජන්කුක්ට එතන පොඩි හිස්තැනක් දැනුනත් මැරි කරපු දවසෙ රෑ එයා තමන්ටම දාගත්තු තහනම ජන්කුක් ඒ විදිහටම අරන් ගියේ සෝල් ලොකු වෙනකන් ටේහ්‍යුන්ට කාලය හදලා දෙන්න...ඒත් වැඩ එක්ක කොච්චර බිසී වුනත් ජන්කුක් කොහොමහරි සෝලුයි ටේහ්‍යුනුයි එක්ක ගත කරන්න වෙලාවක් හොයාගත්තා...

සෝල්ට යන්තන් මාස අටක් පිරුනා විතරයි...දැන් ඉතින් දණගගා හිටපු සෝල් යන්තන් කකුල් දෙකෙන් හිටගන්න උත්සහ කරන කාලේ...පෙනෙන නොපෙනෙන ගානට චූටි කටේ මතුවුනු දත් තිබ්බත් කෙල්ලට කෑම ටිකක් කවාගන්න නම් හරිම අමාරුයි...

ටේහ්‍යුන් අතින් නම් සෝල් කන්නෙම නැති තරම්...මොකද ටේහ්‍යුන් ගාවට ගිය හැටියේ ටේහ්‍යුන් ළගින් එන කිරි සුවදට සෝල්ගෙ ඔලුවට කුක්කු බඩගින්න ගහනවා...ඊට පස්සෙ ඒක දෙනකන්ම අඩනවා...ඒ නිසා සෝල්ට කවන වැඩේ ජන්කුක් බාරගත්තා...

කොහොම කවන්න හැදුවත් සෝල්ගෙ කෑම ටිකක් ජන්කුක්ටත් කන්න වෙනවා...නැත්තන් කෙල්ල කරන්නෙ කන කන එක ආපහු දාන එක...
ඉතින් හැමදාම උදේට ජන්කුක් ඔෆිස් යන්න කලින් සෝල්ට කවලා යන්නෙ...දවල්ට ටේහ්‍යුන් යන්තම් කටක් දෙකක් කවාගෙන පගාවට කිරි දෙනවා...ආපහු රෑට කන්නෙ ජන්කුක් ආවහම තමා...

Unexpected Ties | Taekook Where stories live. Discover now