Chapter 8

211 64 91
                                    

"පුතා මන් උදේ එකොලහට අපොයින්ට්මන්ට් එක දැම්මා...ඔයා දහයාමාර වෙද්දිවත් ටේහ්‍යුන්ව පික් කරන්න..." බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් ජන්හ්‍යුන් කියද්දි ජන්කුක් ඔලුව වැනුවා...

"හරි අප්පා..."

"එහෙනම් මන් යනවා...සේහී මන් යනවා...!" ඩයිනින් ටේබ්ල් එකෙන් නැගිටින ගමන් ජන්හ්‍යුන් කෑගහද්දි ජන්කුක්ගෙ ඔම්මා කිචන් එකේ ඉදන් දුවගෙන ආවා...

"හරි හරි...පරිස්සමින් ගිහින් එන්න..." අප්පා ළගට ගියපු ඔම්මගෙ නළල අප්පා සිපගනිද්දි ජන්කුක් ආදරෙන් ඒ දෙන්නා දිහා බලන් හිටියා...ජන්කුක්ට මතක ඇති කාලෙක ඉදන් ඔම්මට ඔය කිස් එක නොදී අප්පා ගෙදරින් යන්නෙ නෑ...ඒ දිහා බලන් ඉද්දි එකපාරටම මනසට ටේහ්‍යුන්ව ආවාහම ජන්කුක්ගෙ හිත ගැස්සුනා...

අප්පා යනකන් ගේට් එක දිහා බලන් හිටපු ඔම්මා ඇතුළට යනවත් එක්කම ජන්කුක්නුත් ආපහු ඇතුළට එන්න ආවත් වැහිලා ගිය ගේට් එක ආපහු ඇරුනේ ජන්කුක් නළල රැලි කරන් ඒ දිහා බලන් ඉද්දි...ගේට් එකෙන් ඇතුළට දැම්මෙ ජන්කුක් අදුරන කා එකක් නෙමේ...අනික එතකොටත් වෙලාව අටට විතර ඇති...එච්චර උදෙන් ගෙදරට එන්න කෙනෙක් හිටියෙ නෑ...

වත්ත ඇතුළටම ආපු වාහනේ නතර කරලා කවුරුහරි බැහැලා දොර වැහුවා...ආපු කෙනා ජන්කුක් දිහා බලලා හිනාවුනත් ටිකක් වෙලා යනකන් ජන්කුක්ට ආවේ කවුද කියලා ප්‍රොසෙස් වුනේ නෑ...තත්පරේකින් දෙකකින් ආපු කෙනා අදුරගනිද්දි ජන්කුක්ගෙ ඇස් ලොකු වුනේ ඉබේටමයි...

"යුන්ගි...!"

***

"තෝ මට නොකියා මගුල් කන්න නේද හැදුවේ බල්ලො...? ජොන් අන්කල් අප්පට කතා කරලා කියපු වෙලේ මගෙ පපුව හත්කඩකට පැලුනා ඕයි...බලහන් තාම අල්ලද්දි කෑලි අහුවෙන්නෙ..." යුන්ගි රගපාද්දි ජන්කුක් ඇස් රෝල් කළා...

දෙන්නා හිටියෙ ගාඩ්න් බෙන්ච් එකක...මිසිස් ජොන් යුන්ගිව දැකලා බදාගෙන පැයක් විතර කියෝලා කියෝලා ඉවරවුනාට පස්සෙ තමා ජන්කුක්ට කතා කරන්න හම්බුනේ... යන්තම් පැයකට පස්සෙ කතාව ඉවර කරපු මිසිස් ජොන් දෙන්නට ජූස් දෙකකුත් හදලා දීලා යුන්ගි ලන්ච් එකට ඉන්නම ඕනේ කියලා තර්ජනේ කරලා ලන්ච් රෙඩි කරන්න ගේ ඇතුලට ගියා...

Unexpected Ties | Taekook Место, где живут истории. Откройте их для себя