Chapter 7

236 63 72
                                    

"ටේහ්‍යුන් කියන්නෙ මගෙ හොදම යාලුවා දේහ්‍යුන්ගෙ පුතා ජන්කුක්" අප්පා කියද්දි ජන්කුක් කල්පනා කළේ කවුද දේහ්‍යුන් කියන්නෙ කියලා...එයා එහෙම කෙනෙක් ගැන කවදාවත් අහලා තිබුනෙ නෑ...

"ඒත් අප්පා මන් කවදාවත් එහෙම කෙනෙක් ගැන අහලා නෑනේ..." ජන්කුක් කියද්දි මිස්ටර් ජොන් වේදනාවෙන් හිනාවුනා...

"එයා නැතිවෙද්දි ඔයා ගොඩක් පොඩියි ජන්කුක්..." අප්පගෙ කටහඩේ තිබ්බ වේදනාව තේරුම් ගත්තු ජන්කුක් අප්පට කතා කරන්න දීලා නිහඩ වුනේ ටිකක් වෙලා හැගීමක් නැති කෙනෙක් වගේ බලන් හිටපු මිස්ට ජොන් කතාව පටන්ගද්දි...

"දේහ්‍යුන්ව මට හම්බුනේ කොලේජ් එකේදි...අපි රූම් මේට්ස්ලා...දේහ්‍යුන්ගෙ ෆැමිලි එකට ඒ කියන්නෙ කිම් ෆැමිලි එකට පරම්පරා ගානක ඉදන් ආපු බිස්නස් තිබ්බා...අපේ බිස්නස් මේ තත්වෙට ගේන්න දේහ්‍යුන් මට ගොඩක් උදව් කළා...කොටින්ම සෝල්වල නවතින්න අපාට්මන්ට් එකක් පවා හොයලා දුන්නෙ එයා...

දේහ්‍යුන්ට මීසොව හම්බුනෙ කොලේජ් එකේදි...මීසො ගොඩක් දුප්පත් පවුලක...දේහ්‍යුන්ගෙ අප්පා මේකට අකමැති වෙන බව දැන දැනම දේහ්‍යුන් මීසොට ආදරේ කළා...අන්තිමට දේහ්‍යුන්ගෙ අප්පා මේ සම්බන්දෙ දැනගෙන ඒකට විරුද්ධ වුනත් දේහ්‍යුන් අප්පා කියපු දේට එකග වුනේ නෑ...

ඒ වෙද්දි ඔයාලගෙ ඔම්මයි මායි මැරි කරලා...ඔයාට අවුරුද්දක් විතර වයස...අප්පා මැරේජ් එකට විරුද්ද නිසාම දේහ්‍යුන් කිම් පවුලෙ බිස්නස් අතෑරලා දාලා මීසොව බැන්දේ අලුතින් බිස්නස් එකකුත් පටන්ගත්තා...එයා ගොඩක් දක්ෂ මනුස්සයෙක්...
ටේහ්‍යුන් මීසොගෙ බඩට ඇවිත් කියලා දැනගත්තු දවසෙ ඉදන් දේහ්‍යුන් ගොඩක් මහන්සි වුනා...ඒ තුන්දෙනාට ලස්සන අනාගතයක් හදාගන්න...

දේහ්‍යුන් ගෙදර කීමට විරුද්ධව බැන්ද දවසෙ ඉදන් දේහ්‍යුන් අප්පා අසනීප වුනා...මොකද දේහ්‍යුන් තමයි පවුලෙ එකම දරුවා...දේහ්‍යුන්ගෙ ඔම්මා නැතිවෙලා තිබ්බෙ දේහ්‍යුන් පොඩි කාලෙමයි...කොහොමහරි ටේහ්‍යුන් ඉපදෙන්නත් ඉස්සෙල්ලා දේහ්‍යුන්ගෙ අප්පා නැති වුනා...ඒත් අන්තිම මොහොතෙ දේහ්‍යුන්ගෙ අප්පා මීසොගෙයි දේහ්‍යුන්ගෙයි මැරේජ් එකට කැමැත්ත දීලා තිබ්බා...කිම් ෆැමිලි එකේ බිස්නස් සේරම දේහ්‍යුන්ගෙ නමට හරවලා... දේහ්‍යුන්ගෙ නැන්දා කෙනෙක් හිටියා...එයා ගොඩක් විරුද්ද වුනා දේහ්‍යුන්ගෙ නමට බිස්නස් ලියපු එකට...මොකද එයා මාන බලන් හිටියෙ ඒ ටික එයාට හරවගන්න...ඒත් දේහ්‍යුන් විතරයි එකම උරුමක්කාරයා වුනේ...

Unexpected Ties | Taekook Where stories live. Discover now