Chapter 3

224 60 51
                                    

ගැලරි එකේ ගේට් එකත් ලොක් කරලා බයික් එකට නැග්ග ජන්කුක් බයික් එක ස්ටාට් කරගත්තෙ කොහෙට යන්නද කියලා හිතාගන්න බැරිවෙද්දි...

එයා ගැලරි එකට එද්දි එයා නැතුවම ස්ටාෆ් එකේ අය එක්සිබිශන් එක පටන් අරන් තිබ්බේ ජන්කුක්ගෙ හිතට නිදහසක් දීලා...එයා නැතුව වුනත් ඇවිත් හිටපු ගෙස්ට්ලා පිළි අරන් ජන්කුක් හිතුවටත් වඩා හොදට වැඩේ කරන්න අරන් තිබ්බා...

එක්සිබිශන් එකේ වැඩ ඉවර වෙලා ගැලරි එකත් අස්පස් කරපු ජන්කුක් පාරට ආවේ උදේ ඉදන්ම හිතට දැනුනු පීඩනය වැඩි වෙද්දි...
වැඩ ටික හරියට කරගන්න ඕනේ නිසා ඉවසන් හිටියත් එයා මූනෙන් පෙන්නපු තරම් සන්සුන් කමක් ඒ හිත ඇතුලේ තිබුනෙ නෑ...

උදේ පාන්දරම සිද්ද වුනු හැමදෙයක්ම ආයෙ ආයෙත් ඇවිත් තමන්ගෙ හිතට වද දෙද්දි ජන්කුක් බයික් එක චර්ච් එකට යන පාරට හැරෙව්වා...

පාර අයිනෙ තිබ්බ ෆ්ලවර් ශොප් එකකින් පුරුදු විදිහටම සුදු රෝස පොකුරක් ගත්තු ජන්කුක් පල්ලියට නොගිහින් කෙළින්ම ඇවිදන් ගියෙ පල්ලිය පිටිපස්සෙ තිබුනු සොහොන් බිමට...

පුරුද්දට වගේ අදත් ඒ සොහොන් කොත ඉස්සරහින් කකුල් දෙක නවතිද්දි හැගීමක් නැති මූණකින් ජන්කුක් ඒ දිහා බලන් හිටියා...
කලින් පාර එතනින් තිබ්බ සුදු රෝස වඩම පරවෙලා ගිහින් වටේටම තණකොළ වැවිලා තිබ්බෙ කාලෙකින් එතන්ට කවුරුත් ආවෙ නැති බව කියාපාමින්...

දණක් නමලා සොහොන් කොත ඉස්සරහ දණගහපු ජන්කුක් ඒ තණකොල ටික අතින් උදුරලා දාලා පරවුනු මල් වඩමත් විසික් කරලා දාලා අලුත් මල් පොකුර එතනින් තිබ්බා...

නමක් නැති පින්තූරයක් නැති මැරුණු දිනේ විතරක් සටහන් වුනු සොහොන් ගල ඉස්සරහ වාඩිවුනු ජන්කුක් තමන්ගෙ හිස බදාගත්තෙ ඇස්වලට කදුලු උනන එක වළක්වගන්න වුනත් අකීකරු කදුලු බිංදු එයාටත් හොරා පල්ලම් බැස්සා...

ජන්කුක්ගෙ සෙල්ලක්කාර ජීවිතෙ නිසා වුනු ලොකුම වැරැද්ද ඇස් ඉස්සරහ පෙනෙද්දි, සිද්ධ වුනු හැමදෙයක්ම එකිනෙක මැවි මැවි පෙනෙද්දි ජන්කුක් කෑගහලා ඇඩුවා...

වැරැද්දක් වුනා කියලා දැනගත්ත මොහොතෙම ඒක හරිගස්සන්න උත්සහ කළත් ඒ වෙද්දිත් දෛවය ඒ අවස්තාව අහෝසි කරලා තිබ්බා...තමන්ගෙ වරදින් නොවුනත් ඒ මරණෙට සිද්ද වෙන්න මුල් වුනේ තමන් කියලා හෘදසාක්ෂිය වද දෙද්දි මේ මාස ගාණටම පවුලෙ කවුරුත් නොදැන හිටියත් ජන්කුක් සෑහෙන දුක් වින්දා...කිසිම වගකීමක් නැතුව ගෙවපු ජීවිතෙ වෙනස් කරගෙන ජන්කුක් නිහඩ වුනු හේතුව වුනෙත් ඒකයි...

Unexpected Ties | Taekook Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ