04 කොටස ♡'

378 83 15
                                    

ජන්කුක් - හේෂ් කියන නම මම වෙනස් කලා...හේෂ්- දිලේක් ආරද්‍ය විදියට !

" දිසද...කෝ නැගිටින්න දැන්..ඉස්කෝලේ යන්නෙ නැද්ද ළමයො..!"

අපේ අසෝක ඔය කෑගහන්නෙ කීවෙනි පාරටද කීලනම් දිසද බබාට මතක නෑ..කම්මැලී අප්පා නැගිටින්න..ම්ම්හ්.. ඇදේ එහාට පෙරලෙනව මෙහාට පෙරලෙනව නිදි මතයිනෙ තාම.. ඒත් ඉතින් බැනෙ හොද බබෙක් උනාම ඉස්කෝලේ යන්නම එපෑ..ඒ නිසා මම ඈනුම් යව යව නැගිට්ටා.. ටවල් එකත් අරන් බාතෲම් එකට ගීන් වොශ් කලන් කුස්සිය පැත්තට ගියේ මගෙ කුක්කු පිටි එක සොයාගෙන.. උදේ 6යි වෙලාව.. කෝමත් මම දැන් යන්නෙ අපේ පක දෙනුකය එක්ක නිසා අව්ලක් නෑ. හැබැයි එයා 6.45 ට යනෝ.. ඉස්සල පොදි කාලෙනම් දිසද බබා ගියේ ස්කූල් බස් එකක.. මේ පැත්තෙ තියෙනෝ නිශාන්ත මාම කීල කෙනෙක් ස්කූල් බස් එකේ අයිතිකාරය.. මේ පැත්තෙම ලමයි ඉස්කෝලේ ගියේ ඒකෙ.. ඉතින් දිසද බබත් 9වසරට වෙනකම් වගේ ගියා.. පස්සෙ වසන්ත කිව්ව දෙනුකය එක්ක බයිසිකලේ යන්න කියල....අනික නිශාන්ත මාම සල්ලි ගන්නෙ අපේ ගමේ ඉදන් කොලබට එක්කන් යනව වගේ..කෝමත් අපේ වසන්ත ගොඩක්ම අකමැති උනේ සල්ලි ගන්න එක හිනද නෙවෙයි..නිශාන්ත මාම ඕනවට වැඩිය ලමයි අරන් තිබ්බා.. මග දුර යනකොට හිරවෙලා මැරෙන්න වෙන සයිස් එකට..තණ්හාවනෙ.. ඒ නිසා අපේ වසන්ත දිසද බබාව ඒකෙ යැව්වෙ නෑ..

" අම්මි කෝ මගෙ කුක්කු පිටි එක.."

මම අසෝක ලගට ගිහින් මූනට එබිල ඇහුවම අසෝක මට මේසෙ පෙන්නුව.. ඕඕ..අසෝක කෝල් එකක.. කව්ද දන්නෙ නෑ මේ උදේ පාන්දර ..ම්ම්හු..මම ඉතින් මේසෙ ලගට ගියා මගෙ කෝප්පෙ ගන්න..හැබැයි ඉතින් තා පොඩ්ඩෙන් දිසද බබාට නූල් බදින්න වෙනෝ බය වෙලා.. වෙන මොකේකටවත් නෙවෙයි අර මහසෝන් දිස්ටියට..! මේසෙ ගාව වාඩි වෙලා දිස්ටිය තේ බොනව පෝන් එක කොට කොට.. හපෝ උදේ පාන්දර මේ අවතාරෙ දැකල දිසද බබාගෙ දාසම විනාස වෙලා යයිද දන්නෙ නෑ..

" ගුඩ් මෝනින් අයියෙ.."

" ම්ම්ම්.."

හපෝ මූගෙ ලොකු කම බලාන්කො.. දෙන්න හිතයි උඩින් යන්න..මොනා උනත් උදේපාන්දර කාලුහලි දැක්කම ගුඩ් මෝනින් කියන්න එපෑ මනුස්සකමට..ඒ නිසා ගුඩ් මෝනින් කිව්වම මේ යකා මගෙ දිහා බලන්නෙවත් නැතුව ම්ම්ම් ගාපි! අනේ මේ මහසෝන් දිස්ටිය තොගෙ ලොකුකම් තියාගනින් පුකේ ගහන්!..කේන්ති අෆ්ෆා..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now