09 කොටස ♡'

275 75 14
                                    


" දිසද ?මොකෝ ළමයො යකෙක් දැක්ක වගේ ඔහොම ඉන්නෙ..?"

මිස් මොනා කියනවද මන්ද...දිසද යකෙක් දැකල තමා ඉන්නෙ..නිකම් යකෙක් නෙවෙයි මේ ඇවිල්ල මහසෝනගෙ පුතා...ආආආආඅ දිලේක්! ඔහේ මට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද..!?
හිතාගන්න බෑ පෙන්ස් මේ මොකක්ද වෙන්නෙ කියල..මේ අවතාරෙ කොහෙන්ද මෙතනට ආවෙ..ඒකත් අපේ බයෝ ලැබ් එකට..? අසෝකවයි, වසන්තවයි ඔක්කොමලව මතක් උනා මට...එක්කො කමක් නැනෙ..?මම කොහොමත් එයැයි එක්ක තරහයිනෙ..!

" බැජ් එක ගැන අදහසක් තියෙනවද දිසද..?"

" තාම හිතාගන්න බෑ මිස්.."

" මේ අයිය හව්ස් එකේ වැඩ ටික බලන්නම් කිව්ව..දිසදගෙ තාත්ත මේ අයියාව එව්වෙ.."

සෑ වෑව්!!!! ඒ කියන්නෙ වසන්ත ඔයැයිද මේ අසමජ්ජාති වැඩේ කලේ..හව්ස් එක හදන වැඩේ බලනව මෙයා..? හපොයි හපොයි...බාගෙට පිස්සු හැදෙනව දැන් දිසදට...දැන් ඉතින් මොනා කරන්නද..මම එයා දිහා ආයෙ බැලුවෙ නෑ..නිකම්මවත්...එහෙම්ම ලැබ් එකේ එහා කෙරෝලෙම මේසෙට ගිහින් වාඩි උනා..ආයෙ ඔලුව උස්ස උස්ස බල බල හිටියෙ නෑ, එහෙම්ම පොතට මූන ඔබා ගත්තා...මට දැන් එයැයි දිහා බලන්න ඕන නැ කොහෙත්ම..මූසල කම තියෙන එයැයිගෙ..මතකනෙ ඊයෙ රෑ ඔය ගෝතය දිසදට කිව්ව කතාව..මහ නාකයෙක් ම්ම්හුක්!

ආආහ්! පෙන්ස් ඔයාලට කියන්න දෙයක් තියේ..මේක තමා අපේ පන්තිය හලිද..? හව්ස්මීට් නිසා උගන්නන්නෙ නැනෙ, ඒ නිසා තමා අද අපි බෑග් උඩ පන්තියකින් තියල එහෙම හිටියෙ.. නැත්නම් ඉස්කෝලේ එන දවසට අපි මේ ලැබ් එකෙන් එලියට යන්නෙ වොශෲම් එකටයි,නිකන් ඉන්න වෙලාවට ග්‍රව්න්ඩ් එකටයි විතරයි...නැත්නම් මේක අස්සෙම තමා..කන්න අතහෝදන්නත් ලැබ් එක අස්සෙම සින්ක් එකක් තියේනෙ..ඉතින් අපි වෙන වැඩවලට එලියට යැවෙන්නෙම නෑ..

" මොකක්ද අනේ ඔයාගෙ නම කිව්වෙ? මට මතක හිටින්නෙම නෑ..."

" දිලේක් මිස්..දිලේක් ආරද්‍ය.."


පුෆ්ෆ්ෆ්!!! පුදුමයි ලොකු කමක් නැතුව ඒකට උත්තර දුන්න..මේ අවතාරෙ ලොකු කම් දාන්නෙ දිසදට විතරද දන්නෙ නෑ..අපේ බයෝ මිස් එයැයි එක්ක මොනාද ෆයිල් වගයක් බලනව..මොනාත දන්නෙ නෑ...ටික වෙලාවකින් අනිත් මිස්ල ටිකයි සරුයි ආව..ඊට පස්සෙ ඉතින් අපේ මැත්ස් සරුයි, අවතාරෙයි ලොකු කතාවකට වැන්න..හව්ස් එක හදන ඒව තමා කියවන්නෙ..මොනාද අනේ ඔච්චරම කියවන්නෙ..!? බයෝ මිසුයි, තව හව්ස් එකේ ගෑනු ලමයි ටිකකුයිත් මන් ගාවට ඇවිල්ල බැජ් එක ගැන කතා කරනව..මම ඉතින් ඔය කතාවලට පනින්න ගියෙ නෑ..
බැජ් එක හදන්න හිතාගෙන ආවට දැන් ඔලුවෙ තියෙන්නෙ අර මල අවතාරෙ ගැන...කොහෙන් ගියත් මේක දිසදට වදයක් වෙනවනෙ අප්පාහ්!























MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now