10 කොටස ♡'

276 79 14
                                    


පෙන්ස්...... ඔයාල හිතනවට වඩා ගොඩක් දිසද අවාසනාවන්තයි පෙන්ස්..ඇයි අනේ...අර මලවදේ තාම අපේ ගෙදර..දැන් වෙලාව 5.30යි.. අර මම ඊයෙ රෑ හිටියෙ රඹුටන් ගහ..ඒක යටට වෙලා පුටුවක් තියන් වාඩි වෙලා පෝන් එක ඔබනව.. පිස්සෙක් මහ! එහෙන් දිසදව මේ මරුකටට බාර දීල අපේ අසෝක ගියා කියන්නකො පෙන්ස් මේ ලග කඩයක් තියේ ඒකට ගිහින් එන්නම් කියල..හුවෑඅ දැන් දිසද මේ අවතාරෙ එක්ක ගෙදර තනියම..හැබැයි අසෝකට මේ අවස්තාවෙ වැරැද්දක් කියන්න බෑ පෙන්ස්..මොකද කියනවනම් අසෝක ගියේ ආප්ප ගේන්න..සුදු ආප්පයි, බිත්තර ආප්පයි..ඣම් ඣම්....හී හී දිසද පෙරේතයි පෙන්ස් ඒවට...

අවතාරෙ රඹුටන් ගහ යට නිසා මාත් ආව එතනට..කම්මැලියි ඒයිලා ගේ ඇතුලට වෙලා ඉන්න බෑ..මෙයා ගඩොල් බාගෙට ඔබනව..මම ගිහින් රඹුටන් ගහ මෙහා පැත්තෙ තිබ්බ බැම්මෙ වාඩි උනා..මෙතනට පාර හොදට පේනෝ..හවස නිසා වාහනත් යනව ..මාර ලස්සනයි පෙන්ස්..ඇත්තටම මට මේ වගේ නිදහස් වෙලාවක මේ අවතාරෙ එක්ක කතා කරන්න ආසයි..ඒත් කොහෙද මුන්නෑහෙගෙ තියෙන ලොකු කමනෙ..නිකම් ඉන්න වෙලාවට කතා කරත් කතා කරනවද?..

නැත්නම් දිසදට පශ්න ගොඩක් තියේ මෙයැයිගෙන් අහන්න..අඩුම දිසද තාම මෙයැයිගෙ සම්පූර්ණ නමවත් දන්නෙ නැනෙ..දිලේක් ආරද්‍ය ...ඒ කෑල්ල විතරයි දන්නෙ..ආසයි අනේ මේ වසවර්ති අවතාරෙගෙ වාසකම අහගන්න..ඒත් කොහෙද..ලොකු කමනෙ..තා කොච්චර දේවල් තියේද අහන්න..?මෙයා කොහෙව හිටියෙ..මොනාද කලේ..තා එතකොට..කෙල්ලෙක් ඒම ඉන්නවද...ඔය වගේ ගොඩක් ඒව අහන්න නම් තියේ අවස්තාවක් නැතුව මිස..දැන් මම මේ මෙතනට ඇවිත් ඉදගත්තා...එයාට පේනව..ඒත් නික්ම්මවත් බැලුවද මම දිහා..නැනෙ නැනෙ...ලොකුයි කියලද දන්නෙ නැ හිතන් ඉන්නෙ...හැටි විතරක්..බිං ඌරෙක් වගේ! ..

" දිසද මල්ලි මොකො කරන්නෙ..?"

කව්ත? කල්පනා කිරිල්ල පැත්තක දාල මම බැලුවෙ කව්ද කියල..ආහ් මේ කවිදු අයියලනෙ..එයා එක්ක තව දෙන්නෙක් හිටිය..මෙයාල ඉතින් දිසදගෙ තා පෙන්ස්ල කට්ටියක්..ගමේ ගොඩේ කොම්ලො මේ..රඹුටන් හැදෙන කාලෙට ඒම ඔය කොල්ලො ටික සේරම එනෝ මෙහෙ..එතොට ඉතින් අපේ වසන්ත රඹුටන් කඩල දෙනව මෙයැයිලට කන්න..ඔයාලට කියන්න පෙන්ස් අපේ මේ ඉන්න ඉඩමෙ රඹුටන් ගස් විතරයි..මෙදුල වටේටම 5ක් විතර තියේ..මේ ඔක්කොමට බට් රඹුටන් පෙන්ස්..පැනි සසයි..වසන්ත රඹුටන් කඩල විකුනනව..පාර අයිනෙ ගහ තියනෝ මෙයාලට..අපේ වසන්ත හරි හොදා නේ...මන් දන්නෝ ඉතින්..දිසද බබාගෙ අප්පච්චිනෙ ඒහ්!!

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now