මන් කලබලේම ගෙදරට ඇවිල්ලා බස බස ගාලා ඇඳුමුත් ගලවලා ඉක්මනට වොෂ් රූම් එකට යද්දි මන් දැක්කා මන් දිහා පුදුමෙන් බලාගෙන ඉන්න අපේ ආච්චි අම්මව...ඔව් ඉතින් එයාට පුදුම ඇති....වෙනද මන් ගෙදර ඇවිල්ලා යුනිෆෝර්ම් එක පිටින්ම ඇදට පැනල පැන දෙකක් විතර ෆෝන් එක එහෙම බලල හවස තුනට හතරටනෙ නාන්න යන්නෙ.....
ඉක්මනට නාගෙන ඇඳුම් මාරුකරගෙන මම කාමරෙන් එළියට යද්දි ආච්චි අම්මා හිටියෙ මිදුල අතු ගගා...මන් එයාටත් යාලුවෙක්ගෙ ගෙදර යනව කියාගෙන එතනින් ගියේ මට ඉක්මනට යන්න තියන උවමනාව නිසා....පොඩ්ඩක් ඉන්න...යාලුවෙක්ගෙ ගෙදර?? තේජාන් අයියා!?? මට පිස්සුද එයා නිසා නෙමේනෙ ඔයා එහෙ යන්නෙ නෙතූෂ්..... තයන්සා මගෙ යාලුවනෙ...මන් යන්නෙ එයා කියපු නිසා එයාලගෙ ගෙදර....මම එහෙම්මම ස්ටේශන් එකෙන් බස් එකේ නැගලා බලද්දි දැක්කා දැකලා පුරුදු ඩයල් එකක් ස්ටේෂන් එකේ ඉන්නවා....
" නවෝදයා...."
මන් පට ගාලා දැක්ක ගමන් මූව අඳුරගත්තා....මූ මේ කෙල්ලෙක් එක්ක මල් කඩනව නේහ්...ඕයි ඕයි තයන්සට මොකද එතකොට වෙන්නෙ....ටිකකින් පිටිපස්ස හැරිලා හිටිය කෙල්ල මෙහාට හැරුණා... දැක්ක දෙයින් මගෙ සිත සලිත වෙලා මෙවුව වෙලා ගියා...එතන හිටියෙ අපේ එකී තයන්සා තමයි...මන් දැනගෙන හිටියා ඕකුන් දෙන්න අතර යම් යම් හුටපට වගයක් තියනව කියල....ඒ උනාට මුන් දෙන්නා පෙම් කෙළින තරම් දුර ඇවිත් කියල කවුද යකෝ හිතන්නෙ.....මට හොඳටම විශ්වාසයි මිනෙතයා මෙතන හිටියනම් ඌ අද තමා මේවා දැකලා දරාගන්න බැරුව හාටුව පැලිලා වළකජ්ජ ගහන්නෙ.....
බලපන්කො දෙන්නා සාලිය අශෝකමාලා දෙන්න වගේ ඉන්න ලස්සන.....හිතට ආපු ක්ශනික කුප්ප කුජීත අදහසකින් මගෙ හිත පිරිලා ගියත් මට ඒ දේ කොරන්න හිත නොදුන්නෙ මොනා උනත් මුන් දෙන්නා මගෙ බොක්කෙ ෆිට් දෙකක් නිසා....ඒ උනාට යාලුවො ඉන්නෙ කෙළවන්න තමා මා පුතා..හිටාම් මන් දෙන්නම් තොපි දෙන්නට වැඩක් මෙදා පාර.....සාක්කුවෙන් හිමීට ෆෝන් එක අරන් මුන් දෙන්නගෙ ෆොටෝ දෙක තුනක් අරන් whatsapp එකට ගිහින් කන්ටැක් ලිස්ට් එකේ මුලින්ම සර්ච් කළේ ගෝනිබිල්ලා කියලා....ඇත්තටම මෙහෙමයි....මන් එහෙම තමා තේජාන් අයියව සේව් කරල තියෙන්නෙ....
YOU ARE READING
~අනුරාගික සිත්~ ✔️
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...