කොහොමහරි ටික වෙලාවකට අපි නෙතූෂ්ගෙ ගෙදර ඉස්සරහට ආවා...දැන්නම් වැස්ස පායලා හොඳටම.....මන් නෙතූෂ්ට පේන්නෙ නැතිවෙන්න හිමීට සත්සර අයියට මැසේජ් එකක් දැම්මෙ එයා කලින් ආව ගමන් මැසේජ් එකක් දාන්න කියල මට කියපු නිසා.....කොහොමහරි නෙතූෂ්ට සැකයක් නොහිතෙන්න මන් එයාව එක්ක ගියේ එයාගෙ ගේ ඇතුළට.....
_______
මාව වෙස්මූනුකාරයා ගේ ඇතුළටම එක්ක යන්න ආවෙ මන් එපා කියද්දි...මෙයා ඇත්තටම හිතාගෙන ඉන්නෙ මන් පොඩි ළමයෙක් කියලද දන්නෑ...කොහොම හරි අපි ගේ ඇතුළට ගියත් මොකක් හරි අවුලක් තිබුණා...හැමතැනම කලුවරයි...ලයිට්ස් ඔක්කොම ඕෆ්...පවර් කට් එකක්වත්ද...ඒත් කෝ යුගීෂ් අයියා...එයාවත් පේන්න නෑනෙ....
" අයියේ ! අයියේ ! "
ම්ම්හ්ම්...මන් කොච්චර කතා කරත් මට අයියගෙ කටහඬවත් ඇතුළෙන් ඇහුණෙ නෑ...මන් බයවෙලා වගේ වෙස්මූනුකාරයා දිහා බලද්දි එයත් කලබල වෙලා වගේ අයියට කතා කරන්න ගත්තා...අනේ මන්දා මටනම් දැන් ටිකක් බයයිත් වගේ...මොකක් හරි කරදරයක්වත්ද එයාට....
" ශ්ශ්ශ්.....කලබල වෙන්න එපා නෙතූෂ්....අපි ටිකක් ඇතුළට ගිහින් බලමුකො..."
මන් ඉන්නෙ කලබලෙන් කියලා තේරුණ නිසාමද කොහෙද අභිමන්‍යු මාවත් වාරු කරගෙන ඇතුළට එක්කන් ගියා...ඇත්තටම හැමදේකටම මට හයියක් වෙනවට ඔයාට හුඟක් ස්තූතියි වෙස්මූනුකාරයො...
'' කවුරුත් නෑනෙ ..."
" හ්ම්ම්..ඒකනෙ...පවර් කට් එකක්ද දන්නෑ...ඒත් කෝ යුගීෂ් අයියා....අනේ මටනම් දැන් බයයිත් වගේ..."
එකපාරටම නෙතූෂ් ගැස්සිලා ගියේ සේරම ඔන් වෙනවත් එක්කම එයාට ඇහුණ සද්දෙන් වගේම එයා දැක්ක දෙයින්.....
" Happy Birthday to you...Happy Birthday to you.... Happy Birthday dear Nethush.... Happy Birthday to you..."
කේක් එකකුත් උස්සගෙන තමන්ගෙ ගාවට එන එයාගෙ යාලුවො ටික දැක්කම්ස් නෙතූෂ්ගෙ ඇස්වලින් කඳුලු වැටුණෙ අවුරුදු ගාණකින් එයාලව මෙහෙම දකින සතුටට.....
" ඔ-ඔයාලා....."
නෙතූෂ් අමාරුවෙන් වචන ගැටගහගෙන එහෙම කිවුවෙ ඇත්තටම මේ වෙලාවෙ එයාට සතුට වැඩිකමට කියන්න ඕන මොකක්ද කියන එකවත් නොතේරෙද්දි.....
أنت تقرأ
~අනුරාගික සිත්~ ✔️
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...