76 🥀

123 17 23
                                    

ටික වෙලාවකට පස්සෙ අභී...තේජාන්...යුගීෂ් වගේ ම හේෂව් හතරදෙනා ගියේ නෙතූෂ්ව හම්බවෙන්න...තේජාන් එනකම් බලන් ඉඳලා ඉඳලා බැරි ම තැන නෙතූෂ්ට නින්ද ගිහිනුයි තිබුණෙ සාලෙම...එයාට ඇහැරුණේ ගේ ළඟින් ම ඇහෙන වාහන සද්දෙ නිසා...

_________

" අයියෙ..!"

" මේක කළින් එයාට දැම්මනම් ඇයි දැන් බැහැ කියන්නෙ..."

" අයියෙ...ඔයා ඔහොම කිවුවට මට..මට බැහැ ඔයා ඉස්සරහ...මට බැහැ..."

" මන් ඔයාට කිවුවා අභී...ඇයි මන් ඉන්නව කියලා ඕක වාශ්ප වෙනවද..."

" ඒ උනාට-"

" මේ...යුගීෂ් අයියෙ...මෙන්න මේකට තේරුම් කරවන්න...අභී...මන් ඇත්තටමයි ඔයාලා දෙන්නගෙ සම්බන්ධෙට කැමති උනේ..මන් ගැන බොරුවට හිතන්න එපා...මට ඇත්තටම ඒ ගැන ප්‍රශ්නයක් නැහැ..."

" හ්ම්ම්.."

තේජාන් එහෙම කිවුවට අභීට නම් හිත යටින් ගොඩක් දුකයි තේජාන් ගැන...ඒ වගේ ම යුගීෂ්ට වගේම හේෂව්ටත්...

______

නෙතූෂ්ට ඇහුණා එළියෙන් කවුරු කවුරු හරි කතා කරන සද්දයක්...එයා හිමින් හිමින් ඒ කවුද බලන්න යන්න හැදුවත්...එකපාරටම දොර ඇරුණා...ඇරුණා නෙවේ...අරගොල්ලො ඇරියා...එතකොට එයා දැක්ක දෙයින් එයාගෙ ඇස්වලට කඳුලු උනන්න ගත්තෙ එක තත්පරයක් යන්න කළින්...

" අ..අ-භී..."

 නෙතූෂ්ට අභීව දැක්ක ගමන් පැනලා එයාව බදාගත්තෙ වටපිටාවෙ ඉන්නෙ කවුද කියන එකවත් සිහියක් නැතුව...අභිත් නෙතූෂ්ව තමන්ට තුරුල් කරගනිද්දි යුගීෂ් වගේ ම හේෂව් බැලුවෙ තේජාන් දිහා...එයා හිනාවේගෙන අභී වගේ ම නෙතූෂ් දිහා බලාගෙන ඉන්නව දැක්කම ඒ දෙන්නට පුදුමත් හිතුණා...තේජාන් ඇත්තටම සතුටු උනා...හදවතින් ම...එකපැත්තකින් ආදරවන්තයෙක් විදිහට...මොකද එයා ආදරය කරන කෙනා ඉන්නෙ සතුටින්...අනිත් පැත්තෙන් සහෝදරයෙක් විදියට...මොකද කිවුවොත් එයාගෙ මල්ලිට එයාගෙ ජීවිතේ හැමදාටම දැන් සතුටින් ඉන්න පුළුවන් නිසා...එයාගෙ හිතේ පොඩි දුකක් නොතිබ්බමත් නෙවේ...ඒත් ඊටවඩා එයාට දැනුණ සතුට වැඩි නිසා එයා හදවතින්ම ඒ දෙන්නා දිහා බලලා සතුටු උනා වගේ ම කළින් තමන් කරන්න ගියපු වැඩේ ගැන හිතල දුක් උනා...එතකොටම තේජාන්ට දැනුණ එයාගෙ උරහිසට කෙනෙක් තට්ටුවක් දානව...ඒ යුගීෂ්...කොච්චර උනත් යුගීෂ් දැනගෙන හිටියා තේජාන්ට සම්පූර්ණයෙන්ම හිත හදාගන්න කාලයක් යනව කියලා...ඒ නිසා එයා හිතාගත්තා තේජාන් ළඟින් ම ඉඳන් එයාව සනසවන්න...යුගීෂ්ට තේජාන් කියන්නෙත් තමන්ගෙම මල්ලි වගේ..එකපැත්තකින් යුගීෂ්ට සතුටුයි එයාගෙ මල්ලිලා දෙන්නෙක් සතුටින් කියලා...ඒත් එයාගෙ අනිත් මල්ලි දැන්  තනිවෙලා කියලා දැනෙද්දි එයාගෙ හිතත් නොරිඳුනාමත් නෙවේ....

~අනුරාගික සිත්~ ✔️Where stories live. Discover now