46 🥀

123 9 9
                                    

ටික වෙලාවකින් හේෂව් ශේන් දෙන්නා ආවා අභී නෙතූෂ් ඉන්න තැනට...ඒ දෙන්නා හිටියෙ නිකම්  කුරුලු ජෝඩුවක් වගේ...ඒක දැකලා ශේන් හේෂව් දෙන්නා මූනට මූන බලාගන්න අතරෙ හේෂව් ශේන්ට ඇහැකුත් ගහලා ඇස්වලින් පෙන්නුවෙ ආපහු අර දෙන්නව....අභී හිටියෙ නෙතූෂ්ගෙ කරට අත දාගෙන වගේම නෙතූෂ් වගේම අභී දෙන්නම හිටියෙ හොඳට හිනාවෙවී..ඒකත් අභීගෙ ෆෝන් එකට එබිලා...ඒ දෙන්නා හිටියෙ මොකක්ම රි බල බල හිනා වෙවී නිසා එයාලට දිගටම එහෙම ඉන්න දීලා ශේන් වගේම හේෂව් දෙන්නා පැත්තකට වෙලා බලාගෙන හිටියා..හේෂව් මේ දැක්කමයි කෙනෙක් එක්ක අභී මෙහෙම හිනාවෙලා ඉන්නවා...අන්තිමට හේෂව් අභීගෙ ඇත්තම හිනාව දැක්කනම් දැක්කෙ හයි ස්කුල්ල් කාලෙදි විතරයි...හැමදාම අභී කළේ අනිත් අයට පේන්න බොරු රඟපෑමක් කරපු එක කියලා හේෂව් දන්නවා...එයා හදවතින්ම එවෙලෙ ප්‍රාර්ථනා කරන ගමනුයි හිටියෙ එයාගෙ යාලුවගෙ නැති වුන සතුට , හිනාව , ඒ වගේම එයාගෙ බලාපොරොත්තු ඒ හැමදෙයක්ම ආපහු ලැබෙන්න කියලා...එයා විශ්වාස කළා අභීගෙ අඳුරු වෙච්ච ලෝකෙට එළියක් ගේන්න පුළුවන් එකම කෙනා නෙතූෂ් කියන එක...දැනටමත් ඒක එහෙම වෙලා තිබුණෙ කියන එක හැමකෙනාටම වඩා දැනගෙන ඉන්නෙ හේෂව්ම විතරයි...ඉතින් මේ දෙන්නට ටිකක් මෙහෙම්මම ඉන්න දීලා ඒ දෙන්නා ටිකක් එහාකට ගියේ එයාලට දිගටම සතුටින් හැමදාටම ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා...මොකද හේෂව් හොඳටම දන්නව අභී මේ වෙනකම් කොච්චරක් නම් දුක් වින්ඳද කියලා...එතකොට ශේන්...එයා උණත් දන්නවා නෙතූෂ් දැන් මේ ඉන්න තත්ත්වෙට එන්න කළින් ඉස්සර කොච්චරක් නම් කඩන් වැටිලද හිටියෙ කියන එක...දැන්නම් මේ හැමදෙයක්ම හොඳටම ඇති කියලයි එයාලා හිතුවෙ..

" අනේ දැන් ඇති අභී! මට තවනම් හිනාවෙන්න බැහැ.."

" අපෝ තමුසෙ හරියට නාකි ඩයල් එකක් වගේනෙ...හැමදේටම මටනම් තව බැහැ...මටනම් තව බැහැ යැයි යැයි යැයි තමා! "

" කට වහගන්නව! තමුසෙනෙ නාකි ඩයල් එක..! සීයා කෙනෙක් වගේ මාස්ක් එකක් දාගෙන මූන වහගන්නවා සන්ග්ලාස් දාලා ඇස් දෙක වහගන්නවා...එතකොට ඔය කොණ්ඩෙ ඉස්සරහට කඩා හැලෙන්න දාලා ඒකෙන් නළලම වහගන්නව..එතකොට කොලර් එක තියෙන ශර්ට් එකෙන් බෙල්ල වහගන්නව...එතකොට පත ම පත කෝට් එකක් ඇඳගෙන...ඒකෙන් මුලු ඇඟම වැහෙනවා...එතකොට අත්වලට ග්ලව්ස් දාලා...එතකොට කකුල් වලට සොක්ස් එක්කම ෂූස් දාලා...ඇත්තටම තමුසෙට ඔහොම ඉන්න එක අමාරු නැද්ද...."

~අනුරාගික සිත්~ ✔️Where stories live. Discover now