ආහ්.....මොකක්ද ඇත්තටම ඒ උනේ....මාත් මොන අස්සක රිංගලද මන්දා....ආයිශ් මේ ශේන්වත් කිව්වෙ නැහැනෙ ඔලුවෙ මොනාද තියෙනව කියලා...
" බැලුවද ඔයාගෙ වෙස්මූනුකාරයව....."
මගෙ වෙස්මූනුකාරයා.....මුට මෝල්ද....අහ්...මන් දැන් මූව අල්ලගන්නනෙ හිටියෙ....තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.....
" මන් අල්ලගන්න හිටියෙ උබව....."
" මේ මාව!!! යකූ මන් මොන වැරැද්දක් කළාටද...."
" නෙතූෂ්....ශේන්....ඔයාලා මෙතනද...."
ආයිශ්......ආපහු මේ තට්ට හෙඩ් ඩොකා....මොන වදයක්ද මේ මනුස්සයා සැරෙන් සැරේට දෙන්නෙ අපිට.....අනික මේ හොස්පිටල් එකේ ඕනතරම් ඩොක්ටර්ස්ලා ඉන්නෙ.....ඇයි මේ මිනිහට අපි දෙන්නව විතරක්ම පේන්නෙ හැම මගුලකටම...
" ඇයි සර් අපිව හොයන්නෙ මොකක් හරි හදිස්සියක්ද ...."
" ම්ම් නැහැ....මම මේ අහන්න ගියෙ කොහොමද දැන් Mr.Abhimanyu ට කියලා......"
" එයාට දැන් හොඳටම හොඳයි සර්...."
" Good....එයා VIP පේශන්ට් කෙනෙක් නිසා ටිකක් එයා ගැන සැළකිල්ලෙන් ඉන්න..."
" හරි සර් "
______
දවස් දෙක තුනක් ගෙවිලා ගියා....නෙතූෂ් නිතරම මාව චෙක් කරන්න ඇවිත් මටම පාර්ට් එක දාලා යන එක තමයි කරන්නෙ....මට පුදුම එයා තාමත් එදා නවත්තපු තැනින් එහාට කතාව ගැන මගෙන් අහපු නැති නිසා.....
එතකොටම මට ඇහුණෙ දොර ඇරුණ සද්දයක්.....ඒ නෙතූෂ්....මේකනම් මැරෙන්නෙ නැහැ....
" දැන් කොහොමද ඔයාගෙ තත්ත්වෙ...."
" දැන් හොඳයි.....දැන්වත් මාව යවනවද...."
" එහෙම බැහැනෙ..."
" බැරි නැහැ පුළුවන්....."
ටික වෙලාවක් අභීගෙ මෙඩිකල් ෆයිල් එක දිහා බලාගෙන හිටපු නෙතූෂ් ඔලුව උස්සද්දි එකපාරටම දැක්ක දෙයින් එයාට උන්හිටි තැනුත් අමතක උනා...
" එහ්......මොකක්ද ඔය කරන වැඩේ!!! ඕකක් කොහෙන්ද ඔතනට ආවෙ..."
නෙතූෂ් දැක්කෙ වීල්චෙයා එකෙන් බැහැලා ක්ලචර්ස් දෙකකින් එයා ළඟට ඇවිදගෙන එන අභීව....නෙතූෂ්ට හිතුණෙම අභීව දැන් බැලන්ස් නැතුව වැටෙයි....දැන් වැටෙයි කියල.....ඒත් අභී ගානට බැලන්ස් එකේ නෙතූෂ්ගෙ ළඟටම ඇවිදගෙන ආවා...
YOU ARE READING
~අනුරාගික සිත්~ ✔️
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...