81 🥀

112 14 15
                                    

#දින දෙකකට පසු 

" අභී...ඔයාට දැන් කොහොමද...."

තේජාන් එහෙම ඇහුවත් අභීගෙන් කිසි ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ...එයා කළේ හතරවටේ එයාගෙ ඇස් කරකව කරකව කෙනෙක්ව හොයන එක...

" නෙතූෂ්වද හොයන්නෙ...බයවෙන්න එපා එයා හො‍ඳින්..."

" එයා කොහෙද...."

" මේකයි ඔයා නැතිවුනා කියලා ඩොක්ටර් කිවුවට පස්සෙ එයාට සිහිය නැතිවුනා...පස්සෙ අපි දැක්ක උබෙ ඇඟිල්ලක් හෙල්ලෙනව...අපි ඩොක්ටර්ට කතා කරාට පස්සෙ ආපහු උබව ICU එකට ගත්තා...කොහොමහරි උබ දවස් දෙකකට පස්සෙ මේ ඇහැරුණේ..."

" නෙතූෂ් එයා තාම-..."

" අහ්...ඒක නෝමල් අභී...එයාට ලොකු ශොක් එකක් ආපු නිසයි ඒ...අපි යන්කො එයා ළඟට තව ටිකකින්...ඩොක්ටර් කිවුවා එයාට බොහෝ දුරට අදනම් සිහිය එයි කියලා..."

" එතකොට.....ශේන්...මිශෙල්...අහ්...මිශෙල්ට මොකද..."

" එයාව ඩිස්චාර්ජ් කළා...එයාට ප්‍රශ්නයක් නැහැ..."

ටික වෙලාවක් හැමෝම අතර පැවතුණේ ලොකු නිශ්ශබ්දතාවයක්...ඒත් ඒ නිහඬතාවය බිඳින්න අභී අහපු මේ ප්‍රශ්නෙ හේතු උනා...

" ශෙවෝන්...! එයාට මොකක්ද උනේ...එයාව පොලීසියෙන් අරගෙන ගියාද...එතකොට සාක්ෂි ටික..."

" අහ්..එකක් අහපන්කො බන් මුලින්ම..."

"  හරි...ශෙවෝන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හම්බුණා...මොකද මිශෙල් එද්දි සාක්ෂි සේර ම එකතු කරගෙන ඇවිත් තිබුණ නිසා...ඒත්..ශෙවෝන් සූසයිඩ් කරගෙන..."

" මො-කක්..."

" හ්ම්ම්...අපිත් හිතුවෙ නැහැ එයා සූසයිඩ් කරගනී කියලා...සමහරවිට එයාගෙ අතින්....මිශෙල්ට වෙච්ච දේ ගැන එයාට ගොඩක් ශොක් එකක් එන්නැති...ඒක නිසා..."

" හ්ම්ම්..."

" ශේන් මිශෙල් දෙන්නා ගොඩක් ඇඬුවා...මොනා උනත් , මොන දේ කළත් ඒ එයාලගෙ තාත්තා...එයාලා ශෙවෝන්ගෙ Funeral එකේ වැඩවලට ගියා ඊයෙ..."

" හ්ම්ම්ම්..."

_________________

ශේන් වගේ ම මිශෙල් දෙන්නා හිටියෙ ශෙවෝන්ගෙ සොහොන ළඟ...ඒ දෙන්නට ඇත්තටම ශෙවෝන් ගැන කළකිරිලා තිබුණෙ...ඒත් මොනා උනත් ඒ එයාලගෙ තාත්තා...එයාලට ඒ හැඟීම තියෙනව...

~අනුරාගික සිත්~ ✔️Donde viven las historias. Descúbrelo ahora