14 🥀

56 8 0
                                    

කොහොමහරි මන් හිත හිතම ගේ ළඟටම ඇවිල්ලා...මන් එහෙම්මම ගියේ තයන්සව හොයාගෙන....තයන්සා....මගෙ නංගි....මට එයාව හුඟක් මඟ ඇරුණා...මන් දන්නව මන් එයාට කීයටවත් හොඳ අයියා කෙනෙක් උනේ නැහැ...එහෙම වෙන්නත් බැහැ...ඒත්....මන් හිතාගත්තා මීට පස්සෙ එයා ගැන හොඳට හොයල බලනව කියල... ඇත්තටම කිව්වොත්  ඩොක්ටර් යුගීෂ් සත්සර අබේකෝන් මට හොඳ මනෝ උපදේශනයක් දුන්නා...අයිය කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් සේරම මන් එයා වෙනුවෙන් කරල දෙනව කියල මන් එවෙලෙම හිතාගත්තා...මොකද මන් මෙච්චර කල් ඒ කිසි දෙයක් එයා වෙනුවෙන් නොකරපු නිසා....මන් තයන්සගෙ කාමරේට යද්දි දැක්කෙ එයා පොතකුත් අතේ තියාගෙන නිදාගෙන ඉන්නවා.....හ්ම්ම්.....පව් කෙල්ල...මන් නිකමටවත් එයාගෙන් ඇහුවෙවත් නෑ විභාගෙ කොහොමද කියලා.....එයාට එකපාරටම ඇහැරුනා...එයා මාව දැකල නිකම් පුදුම වෙලා වගේ බලාගෙන හිටිය ටික වෙලාවක්...ම්ම්ම්...එයාට පුදුම ඇති මන් කවදාවත් එයගෙ කාමරේට ඇවිත් නෑනෙ...

" අයියෙ....මේකත් එදා වගේ හීනයක්ද....."

ඇස්වල කඳුළු පුරවන් තයන්සා එහෙම අහද්දි මට දැනුණෙ මන් ගැනම ලොකු පසුතැවීමක්...එයා ඉපදුණ දවසෙ මට අම්මව නැති කළේ එයා කියල මම එයාට වෛර කරද්දි ඇයි මට එක දශමයක්වත් නොහිතුණේ මට වගේ නෙවෙයි.....එයාට අම්මගෙ උණුසුම එක මොහොතක්වත් දැනුණෙ නැහැ කියන එක.....අනික අනිත් අයියල නංගිලා දකිද්දි එයාට මොනා හිතෙන්නැතිද කියන එක ඇයි මට කලින් හිතුණෙ නැත්තෙ...ලොකු අයියා නැතිවුනාට පස්සෙ මට වගේම එයාටත් තනිකමක් පාලුවක් කොච්චර දුකක් දැනුණද කියන එක ඇයි මට හිතන්න බැරිවුනේ....ලොකු අයියා නැතිවෙලා එයාට තව අයියා කෙනෙක් හිටියත් එයත් එයා ගැන ගණන්වත් ගන්නෙ නැති උනාම එයාට මොනව හිතෙන්න ඇතිද..

මට දැනෙනව එයාගෙ වගේම මගෙ ඇස්වලිනුත් කඳුළු වැටෙනවා..මන් මහ වැඩකට නැති මනුස්සයෙක් තයන්සා...ඔයාගෙ අයියා වෙන්න මම සුදුසු නෑ...ලොකු අයියට තරම් කාටවත් ඔයාට හොඳ අයියෙක් වෙන්න බැරිවුනා.....වෙන්නත් බැහැ....

" මට සමාවෙන්න නංගි...."

මන් එහෙම කිව්වට පස්සෙ තයන්සා එකපාරටම මාව හග් කරා....මාත් එයාව තදින් වැළඳගත්තෙ මේ අපේ පළවෙනි වැළඳගැනීම නිසා...තමන්ගෙ එක කුස උපන් නංගිව වැළඳගන්න පළවෙනි වතාව...හහ්...ඒක මාර විහිළුවක්....

~අනුරාගික සිත්~ || COMPLETED || NonficWhere stories live. Discover now