17 කොටස ♡'

323 78 14
                                    

කෑම දෙන්න ලෑස්ති කරල තිබ්බෙ එහා ගෙදර..වැඩි දුරක් නෑ..වැට පැනපු ගමන් හොට ඇනෙන්න වගේ එහා ගෙදර බිත්තියක් තියෙන්නෙ..කට්ටියම එහෙට ගිහින් කැම බෙදන තැනට ගියා..ඕන තරම් බෙදාගෙන කන්නයි තියෙන්නෙ..මේ ගෙදර මිදුල ලොකුයි..ඉතින් ඉඩ තියෙනව ඉදගන්න එහෙම.. මුලින්ම වසන්ත බත් බෙදාගෙන ගියා..ඊට පස්සෙ තේව් බෙදාගත්තා..ඔන්න ඊට පස්සෙ තමා දිසද හිටියෙ..දිසදගෙ පිටිපස්සෙ අර අවතාරෙ.. මම පිගානක් ගන්න යනවත් එක්කම..

"දිසද..!"

" ආහ්...ඌයි..!"

මොකක්ද අනේ උනේ..මාව ගැස්සිලා ගියා... අර අවතාරෙ එකපාරට කෑගහල මාව ඇදල ගත්ත පෙන්ස්..අර කලු ගලක් වගේ පපුවෙ දිසදගෙ නහය ඣොක්කන් වෙන්න ඇනුන නිසා දිසදට කෙදිරිත් ගෑවුනා..මේ යකාට මොන අවතාරෙ වැහිලද මන්ද..මොන කෙහෙල් මලකටද දිසදව ඇද්දෙ..මගෙ ඉනවටේ එයාගෙ අතක් යවල..මම තාම හිටියෙ එයාගෙ පපුවෙ අස්සෙ.. මේ මිනිහගෙ මගෙ ඉන වටේ තියෙන අත නිසා දිසදට හෙල්ලෙන්න තියා හිතන්නවත් බැ පෙන්ස්..

" දිලේක් පුතා..අත කැපිල නේද.!?"

හැහ් මොකක්!? මම වේගෙන් එයාගෙ පපුවෙන් ඈත් උනා..ඈත් උනා කිව්වට ටිකයි..මේක මාව අල්ලගෙනනෙ..මම එහෙම්ම හැරිල බැලුවෙ එයාගෙ අත දිහා.. දිසදට උන් හිටි තැනුත් අමතක උනා පෙන්ස්..එයාගෙ අත කැපිලා..දෙවියනේ ලේ යනව හොදටම! ඒත් මොකකටද කැපුනෙ..?

" අ-අයියෙ මොකක්ද උනේ..?"

" මොකුත් නැ බෙදාගෙන කාපන් උබ.!"

මම එයාගෙ අතින් ඇල්ලුවම එයා මොකුත් නෑ කියල මට බෙදාගෙන කන්නලු..ඒම කලෑකිද පෙන්ස්..මොනා නමුත් දිසදට වෙන්න ගිය එකක් වගේ..ඒ නිසා වෙන්නැති මෙයැයි දිසදව ඇදල ගත්තෙ..ඒ නිසා පව්නෙ... මම කන්න ගත්තෙ නෑ..එහෙන් අපේ වසන්තට පෝම් වෙලා..

" කව්ද මේ හට් එක හැදුවෙ..? මෙහෙම ටකරන් කෑලි තියනවද..ඒකත් බත් තියෙන තැන! මෙතනට මිනිස්සු එනව කියල දන්නෙ නැද්ද!? ඒක මේ ලමයගෙ අතට වැටුන හොදයි! ඔලුවට වැටුනනම් එහෙම! "

වසන්තට හොදටම කේන්ති ගිහින්...හපූ අසෝඕඕඕඕඕකා..ඔයැයිව දැන් තමා ඕනි..අපේ වසන්ත ඔය කොච්චර කෑගැහුවත් අපේ අසෝක ඉස්සරහ චූටි බළල් පැටිය වගේ..ඇත්තමයි පෙන්ස්..දිසදට හිතා ගන්න බෑ දිසද වසන්ත වගේද අසෝක වගේද කියල..ඔයාලට පුලාන්ද අනේව්..?

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now