20 කොටස ♡'

315 87 16
                                    

උදෙත් රෑ වගේම තමා පෙන්ස්.. සෙනග පිරිල මලගෙදර..දිසද දැන් නම් ඉන්නෙ ලොකු වැඩක..ඒ මොකක්ද කියනවනම්..ආපු අයට තේ අල්ලනව..තේ කිව්වට දිසද අල්ලන් යන්නෙ ඉස්සරහින් බිස්කට්...ඒක නෙවේ පෙන්ස් හොදම දේ..ඔයැයිල දන්නවද කවුත තේ අරන් එන්නෙ කියල..ඔයාලට කියන්න පෙන්ස්..මම දැන් කිව්වොත් කවුද කියල විශ්වාස කරන්නත් බැරුව යයි..අපේ අවතාරෙ! ඔව් ඔව් අනේ...අර විසාල ලොකු කමකින් ඔලුගෙඩිය පුරෝගෙන හිටිය කෙනා තමයි..පුදුමයි නේහ්..දිසදටත් බැන බැන හිටපු එයා දැන් තේ අල්ලනව..ඒකත් දිසදගෙ කටේ බලේට අනේ..

" අයියෙ මම ලිද ගාවට ගිහින් එන්නම්..."

අපේ දෙනුකයට උදෙන්ම නාන්න ඕනියි ගෑවනෙ පෙන්ස්..ඉතින් එයැයි මටත් කතා කලා ලිද ගාවට යන්න..උදෙන්ම කිව්වට දැන් 12ටත් ලගයි..මම හිටියෙ ගෙට පිටිපස්සෙ මඩුවෙ දිලේක් අවතාරෙ එක්ක..ඔව් ඔව් අනේ..දැන් දිසදට එයැයි ලගින් හෙල්ලෙන්න බෑ..විසාල කරදරයක් වෙලා මේක..! අපේ පක දෙනුකයි..අසෝකයි, වසන්තයි සේරොමල්ල දිසදට බනිනව මේ සෙනග අස්සෙ දිලේක් ලගින් හෙල්ලෙන්න එපා කියල..ඒක හරි වැඩක් උනානෙ පෙන්ස්..මෙයැයි එක්කමයි ඉන්න වෙලා තියෙන්නෙ...හැබයි පෙන්ස් අර ලිද ලගදි මට ඇනුම් පද කිව්වට පස්සෙ අවතාරෙ තාම මොකුත් කිව්වෙ නෑ..පුදුමයි..මා එක්ක කතා කරා හොදට...


දැනුත් මම එයාට ලිද ලගට ගිහින් එන්නම් කිව්වා..එහෙමවත් නොකිය අන්තරස්දහන් උනොත් යකෙක් වගේ බලනව පෙන්ස් දිසද දිහා..කාපු බත් පිඩත් පිච්චිලා යනව..ඒ නිසාම පෝන් එක ඔබන එයැයිට මම ඒම කිව්වම, පෝන් එක ඓහා බලාගෙනම හා කියන්න ඔලුව වැනුව..කෝ.අත් දැන් චුට්ටකට කලින් ඇවිත් දෙනුකය කියල ගියේ..නැත්නම් යවයි මාව මේන් කියල..


මම හිමින් හිමින් ලිදට යන පාර දිගේ ගියේ..දෙනුකය නම් ඉක්මනට ගියා..මෙලහකට නානවත් ඇති...මට ඉතින් හදිස්සියක් නැනෙ..ඒ නිසා හිමින් ගියා..ඒත් පෙන්ස් ටික දුරක් යනකොට කවුරු හරි පස්සෙන් එනව වගේ කියල මට තේරුනා..ඒ නිසා මම ඉක්මනට පිටිපස්ස හැරිල බලනකොට මම දැක්ක දේ නිසා එක පාරට චුට්ටක් ගැස්සුනා..දුලාන් අයියා..එයා මගෙ පස්සෙන් ඇවිත්..!


" දුලාන් අයියේ.."

" චූටි... මොකෝ මේ තනියම ම්ම්..?"

" අයිය ලිද ගාවට ගියා..මම මේ එතනට යනව.."

මම ඉස්සර බලාගෙනම කිව්ව..එයා දිහා බලන්න බැ වගේ..එයා දිහා බලාගෙන වචනයක් කතා කරා කියන්නෙ එයා මම ලගට ලං වෙනව වැඩියි..දැනටත් එයා මගෙ අතේ දුරට වගේ ඇවිත්..දිසදට මාර අපහසුතාවයක් දැනෙන්නෙ පෙන්ස්..

" අයියට තනියක් නැනෙ චූටි.... යමුද මා එක්ක ගමනක්..?"

ඔන්න ඔන්න දුලාන් අයියේ උබර් ඕන නැති ඒව කරන්න එනව.. අයියට තනියක් නෑ, එයා එක්ක ගමනක් යමුද කියල අහන ගමන් මෙයැයි මගෙ ඉන අල්ලනව පෙන්ස්..දීල ඇරියැහැකි මෙයැයිට..ඒත් කොහෙද..දිසද ආස නෑ ඒම මිනිස්සුන්ට ගහන්න..ඔන්න පෙන්ස්..මේ වගේ වෙලාවට තමා අපේ අවතාරෙගෙ පිහිට අවශ්‍ය..ඒත් එයැයිත් කිව්වෙ එක එක බල්ලන් ගාවට යන්න එපා අඩු කඩනව කියල..අනේ පෙන්ස්! දැන් ඉතින් දිසදගෙ අඩුත් කඩයි...හොදටම ශුවර්..එදා අවතාරෙ බල්ල බල්ලා ගෑවෙ මෙයැයිට..මම දැන් Mk පෙන්ස්....

" ඇයි චූටි සද්ද නැත්තෙ...යමුද ම්ම්..?"

" ම්ම්..දුලාන් අයියේ..දැන් අයිය ඒවි..ඔයා යන්න.."

" එහෙම බෑ චූටි...ඔයත් එන්නම ඕනි..කෝ එන්න.."

" අනේ අයියේ..."

මේක යස වැඩක් උනානෙ පෙන්ස්! මේ යකාට අයිය එනව ඇති දැන් යන්න කිව්වම එහෙම බෑ යැව් යැව් ගාල දැන් දිසදව බලෙන් ඇදගෙන යන්න හදනව.. මම එයාගෙන් මගෙ අත ගලෝ ගන්න හදන ගමන් පස්සට උනා..අනේ ඇයි ජෙයියනේ දිසදටම මේව වෙන්නෙ..දැන් මෙතනට අයිය හරි, අවතාරෙ හරි ආවොත් මහ විනාසයක්නෙ වෙන්නෙ..අනේ බේරගම්නකො මාව..

" මෙතන මොකක්ද වෙන්නෙ..!?"

මම දුලාන් අයියගෙන් බේරෙන්නෙ දගල දගල ඉන්නකොට පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා අපි දෙන්නම ඉක්මනට පිටිපස්ස බැලුවා..එවලෙ ඇවිත් ඉන්න එකාව දැකල දිසදගෙ බොක්ක කූල් වීගෙන ආව පෙන්ස්..එහෙන් එයාගෙ මූන! ලාවට රතු වීගෙන එන මූනෙන් දිසදට තක්කෙටම කිව්වෑකි......දුලාන් පුතෝ උබර්....අද කනව දොබෙන් යන්නම..



















~ මාත්‍රා ~

හායි පෙන්ස්♡

අද කතා 3ම update දුන්නා..ඒ නිසා චුට්ට චුට්ට ඇත්තෙ..ඒකය සොලි වෙන්ඩ...

vote කරන් යන් හාද..😊♡

මාව follow කරන්ඩෝ..♥️

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now