"හලෝ... මිස්ටර් Photographer.... Come on in..."
එක අතක බාගෙට බිබී හිටපු කෝක් කෑන් එකකුත් තියාගෙන අනික් අතින් මගේ පිටට හික් ගෑවෙන්න ම තඩි බාලා රයන් මට දුන්නේ රත් වෙන්න පිලිගැනීමක් . කළු පාට වෙල්වට් ෂර්ට් එකේ පපුවේ බෙදුම ලඟට එනකං ම බොත්තං ගලවලා, වැලමිට ලඟට එනකං ෂර්ට් අත නවලා හිටපු රයන් මගේ උරහිසට අත දානකොට ඇද වුණු කළු කොලර් එකෙන් උගේ පපුවේ මස්ල්ස් කැපිලා පෙවුණා.
"ඔක්කොම ඇවිල්ල ද?"
"මොන පිස්සුද? මං first, හයාන් සෙකන්ඩ්, උඹ තර්ඩ්..."
කහ පාටට පත්තු කරලා තිබ්බ පුංචි පුංචි විදුලි පහන් රාශියකින් ලස්සනට ආලෝකවත් වෙලා තිබුණු ඉවාන්ලගේ ගෙදර හරියට රෑට පිපුණු සූරියකාන්ත මලක් වගේ. ගානට කපලා මට්ටම් කරපු කොළ පාට තණ තිල්ලක් පුංචි front garden එක විදිහට තිබ්බ ඒ නවීන පන්නයේ සුඛෝපභෝගී නිවසේ බැලුබැල්මට ම හරිම හුරුබුහුටි සුපසන් පෙනුමක් තිබුණා.
මං බෙල්ලේ එල්ල ගත්තු කැමරාව සාලෙ මැද තිබුණු පොඩි මේසෙන් තියලා කෙලින් ම Back Garden එකට රයනුත් එක්ක ඇවිදගෙන යන්න යනකොටම ලොකු තද රතු පාට රෝස මල් පිරුණු පෙට්ටි දෙකක් උස්සගෙන සාලෙට ආවේ ඉවාන් එක්කම හයාන්.
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...