අද තිබුණේ සිංහල නිවේදන work shop එක. සාමාන්‍යයෙන් වැඩිම ඉල්ලුමක් තියන work shop එක තමයි සිංහල නිවේදන කියන්නේ, මොකද ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ සිංහල නිවේදනයට නිසා. අද දවසේ අපේ සිංහල නිවේදන වැඩමුළුවට එක දේශකයෙක් නෙවෙයි, ලංකාවේ ජේෂ්ඨතම මාධ්‍යවේදීන් තුන් දෙනෙක්ම ගෙන්නුවා. ජාතික රූපවාහිනියේ චමින්ද ගුණරත්න සර්, දෙරණේ වසන්ති නානායක්කාර මැඩම් එක්කම සිරසේ ගයාන් සම්පත් සර්වත් අපි මේකට සම්බන්ධ කර ගත්තා. දේශකයො ටික රිවීල් කරපු ගමන් ම අපේ ෆෝන්වලට, විශේෂයෙන්ම හයාන්ගෙයි මගෙයි ෆෝන්වලට උන් හිටි තැන් නැති උනේ රට වටෙන් ම එන්ඩ පටන් ගත්තු කෝල්ස් නිසා. එයා ප්‍රසිඩන්ට්, මම කෝඩිනේටර් නේ. ඉතින් අපේ නම්බර්ස් තමයි හැම තැනම යන්නේ.
අධික ශිෂ්‍ය ඉල්ලීම මත අපි මේ වැඩමුළුව යූ ටියුබ් ලයිව් එකක් දෙන්නත් තීරණය කළා. තීරණේ නං කොරන්ඩ බැරි මොකාට ද? අපිට තමයි දැන් තවත් වැඩ වැටෙන්නේ. කැමරා උස්සන් දීපංකෝ දැන් ලයිව්.
කොහොම කොහොම හරි ඔන්න ඒ වැඩෙත් ඉවරයි. අද වර්ක් ශොප් එක නං ඊයේ එකටත් වඩා පට්ටම සක්සස්. යූ ටියුබ් එකෙනුත් ලයිව් බැලුවා දාහක් විතර. ශ්‍රී ලංකාවේ පාසල් මීඩියා ඉතිහාසයේ කරපු ලොකුම වර්ක් ශොප් එකක් බවට මේක පත් කරන්න හයාන්ට පුළුවන් උණා. කාට ද ආඩම්බර ඉතිම්...හුම්.
වර්ක් ශොප් එක ඉවර වෙලා හයානුයි මමයි ගියා ලෙමනේඩ් එකක් බොන්න. මම වද කරලා වද කරලා ලෙමනේඩ් දෙකට ම සල්ලි ගෙවලා ගල් බංකුව උඩ වාඩි වෙලා බලන් හිටියේ හයාන් වීදුරු දෙකත් අරන් එනකම්. ඒ වෙනකොට ඉස්කෝලෙම ඇරලා ළමයි ගිහිල්ලා නිසා කැෆටේරියා එක පැත්තේ තිබුණු අසාමාන්‍ය නිහඬතාවයක්. පිට්ටනියේ කෙලවරක රගර් ටීම් එකේ ගෝරිල්ලො ටික වෝම් අප් කරනවා. මැද හරියේ ක්‍රිකට් සෙට් එක කෝන්ස් තියලා Zig Zag දුවනවා. ඒ දිහා බලාගෙන හිටපු මට නිකංම දිග හුස්මක් හෙලුණා.
ලෙමනේඩ් දෙකත් අරන් ඇවිත් හයාන් මගේ ඇඟේ වදින නොවදින ගානට මං ලඟින් වාඩි උනේ ආදරෙන් හිනා වෙලා.
"මහන්සි ද?"
"ටිකක්"
"අපෝ ටිකයි නං හෙට තව වැඩ දෙන්න ඕනේ"
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...