විසි තුන් වන දිගහැරුම

311 48 32
                                    

අද අඟහරුවාදා. නුවර ලොකු ළූණු වැවිලිකරුවෝ ටික අදත් ඉස්කෝලෙ යන්න බෑ කියලා තීරණය කළේ බැරිවෙලාවත් හරි හයාන් ගැන මොන විදිහක හරි තොරතුරක් දැන ගන්න ලැබුණොත් කියලා. දැන් දැන් මේ හීනවල තේරුම හොයන එක තවත් පස්සට දාන්න නං මගේ හිත කොහොමටවත් ම ඉඩක් දෙන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි ඉවාන් ට කියලා ඌ අඳුරනවා කියපු ටැරොට් රීඩර් ගාවට යන්න අදට ඇපොයිමන්ට් එකක් දාගත්තේ. එතන දි කියන මොකක්මහරි දේක ප්‍රයෝජනයක් තියෙයිනේ.

උදේ ම ඉවාන් ගෙ ගෙදරින් Breakfast ගන්න එන්න කිව්ව නිසා මම ඒ ගමන් ම හයාන් ගේ ගෙදරත් ගියා. පැය විසි හතරකටත් වඩා තමන්ගේ එකම කොල්ලා ආගිය අතක් නෑ කියලා දැන ගත්තාම නිල්මිණි නැන්දාට, ඒ කියන්නේ හයාන් ගේ අම්මට මොනවා වෙලාද දන්නෑ. ඒත් අම්මෙක් නේ.

මම කාර් එක මිදුලට දාද්දිම කුස්සිය පැත්තේ ඉඳන් දැලි රෙද්දකින් අතත් පිහ පිහ දිග පොල්කටු හැන්දකුත් අතේ අරන් නැන්දා දූවගෙන ආවේ මම හයාන් කියලා හිතලා වෙන්න ඇති. මාව දැක්ක ගමන් ම නැන්දා අඬාගෙන මාව බදා ගත්තා.

"අනේ පුතේ මගේ කොල්ලා..."

මං ඇඳගෙන හිටපු ලා නිල් පාට ශර්ට් එක පපුව මතින් ටික ටික තද නිල් පාට පැල්ලම් වැටෙනකොට නැන්දා මගේ පපුවේ ඔලුව ගහගෙන දකුණු බාහුවේ එල්ලිලා වැලපුණේ මාව දැකලා තවත් වැඩිපුර හයාන්ව මතක් වෙලා ද කොහෙද.

"අනේ පුතේ මං දවසම යූ ටියුබ් එකෙන් මැච් එකත් බැලුවා. කියපු වචන ඔක්කොම නොතේරුනත් මගෙ චුක්කි ලස්සනට ඉංග්‍රීසියෙන් කතා කරකර අගේටවත් හිටියනේ. මොකාද මගේ කොල්ලට මෙහෙම දෙයක් කරේ...?"

නැන්දා ඔය එල්ලිලා අඬන්නෙත් නැන්දගේ චුක්කි වෙනුවෙන් නැන්දටත් වඩා වැලපෙන පපුවක නැන්දේ. තොල හපාගෙන ගලන කඳුළු පිටි අල්ලෙන් පිහගෙන මම හෙමීට නැන්දගෙ ඔලුව අතගෑවේ ගෙනාපු චොකලට් එක දොර අස්සෙන් මතු උනු නංගිට දීලා. හරිම අහිංසකව ඒ චොකලට් එක අතට අරන් තැන්ක් යූ කියලා තොල මතුරලා නංගි ගේ ඇතුලට දුවගෙන ගියා.

"චුක්කි.... චුක්කි නේද මේ?"

ගේ ඇතුලේ ටී.වී. එක ලඟ වාඩි වෙලා හිටපු සූකිරි සීයා මාව දැක්ක ගමන් ඇඟිල්ල දික් කරලා ඇහුවා.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now