පහලොස් වන දිගහැරුම

319 55 13
                                    

හයාන් නුවර ලොකුළූණු වැවිලිකරුවන්Gay සංගමෙන් අන්තරස්දාන වෙලා මේ වෙනකොට තනිකර ම පැය විසි හතරක්. ලීක් උණු සැනින් එසැනින් ක්‍රියාත්මක වුණු නිසා screen shot එක අපේ සෙක්ෂන් වල ඉන්න උනුයි, ඔය ලඟපාත ඉස්කෝල කීපෙක එකෙක් දෙන්නෙකුයි ඇර වෙන එහෙම සැලකිය යුතු තරම් ලොකු පිරිසක්, ආතිෆ් ලා බලාපොරොත්තු වුණු තරං ලොකු crowd එකක් අතර වයිරල් කර ගන්න උන්ට පුළුවන්කමක් ලැබුණේ නෑ. ඒකටත් එක්ක උන්ටත් තරු පෙවුනේ මේක කරේ උන් කියලා එලි වෙච්ච එකට. රයනුත් ලෝභ නැතුව හයාන් වෙනුවෙන් ඔක්කොම සාක්ෂි මැඩම්ලට යැව්වා. හැබැයි ඒඩන් නං කිව්වේ හයාන් නිසා රයන්ට සිද්ධ වෙච්ච දේවල්වල හැටියට රයන් ට ඕවා කරන්ඩ වටින්නේ නෑ කියලා.

ඉරිදා හවස හතරට අපි හැමෝට ම මීඩියා ක්ලාස්. සාමාන්‍යන් අපි සෙට් එකම මීඩියා කරන නිසා හැමදාම class එකට ආවේ එකට. ක්ලාස් එකේ පිටිපස්සෙම AC එකට ටිකක් ලඟපාත බංකුවක තමයි අපි කට්ටිය වාඩි වෙන්නේ. එදත් සුපුරුදු පරිදි අපි ක්ලාස් එකට හතරයි පහට විතර ගොඩවුණේ කැන්ටිම ලඟ කයියක් ගගහා ඉඳලා සර් ගේ Benz එක ආවා කියලා දැක්කහම. හැබැයි අපි කොච්චර බලන් හිටියත් හයාන් ගේ හෙවනැල්ලක්වත් අපි දැක්කේ නෑ.

"ඉස්සෙල්ලම කඩදාසිය හොයා ගත්තේ මොන ජාතිකයො ද? කෝ ඔය Zebra වගේ ෂර්ට් එකක් ඇඳලා ඉන්න පුතා නැගිටලා කියන්ඩ බලන්ඩ."

මුළු පන්තියම හැරිලා Zebra වගේ පුතාව හොයනකොට රයන් වටපිට බලලා නැගිට්ටේ "ෂික්, ඇඳුමක්වත් අඳින්ඩ බෑනේ නිදහසේ." කියලා දත් මිටි කකා.

"කෝ... කියනවා බලන්ඩ, ඉස්සෙල්ලම කඩදාසි හොයා ගත්තේ මොන ජාතියකයො ද?"

"චීන ජාතිකයො"

"ඈහ්, ඇහෙන්නෙ නෑ."

සර්කාරයා මයික් එක කන ලඟට අරන් කෑගහනකොට පන්තියේ ඉස්සරහ පෝලිං වල කෙල්ලො අතින් කට වහගෙන සිරික්කිය. ඇත්තමයි ඔය නාකි ආච්චිලා ටික බේරේ වැවේ පොඟවලා සිරිකොතේ ගැහුවත් මෝඩකම හේදෙන්නේ නෑ. ඒත් එනවා මෙතන හිචි හිචි ගාන්ඩ.

"චීන ජාතිකයො"

රයන් තවත් ටිකක් සද්දෙන් කිව්වා.

"අප්පෝ... පිරිමි ළමයෙක් නේද? තව සද්දෙන් කියන්ඩ ඕන. පුරුසයෙක් කියලා පේන්ඩ. නැත්තං මේ මටත් එක්ක ලැජ්ජයි කලිසං ගහන් එන්ඩ."

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now