හතලිස් අට වන දිගහැරුම

215 27 21
                                    

මාව ඉබේම අඩි දෙක තුනක් පස්සට විසි උණේ එකපාරටම මගේ පිට දිගේ ඇවිත් උරහිස උඩින් නතර උණු හයාන් ගේ අතේ උණුසුම මට දැනෙනකොට. එයාගෙත් සුළැඟිල්ල වෙව්ලනවා, මම ඇස් කොනින් දැක්කා.

"මාමාට මොකක් වෙලා..?"

"අනේ ඔව් පුතේ, මාමාව ප්‍රශ්න කරන්න දාලා තිබ්බ තැනම මරලා දාලා."

ඇත්තටම අම්මා ඒ වෙලාවෙ කියපු දේවල් වලින් මට උත්තර ලැබුණට වඩා සිද්ධ උනේ තිබ්බ ප්‍රශ්න තවත් වැඩි උණු එක. ඒත් මේ වෙලාවේ බොරුවට තවත් ප්‍රශ්න අහලා එයාව මහන්සි කරනවට වඩා මම මේ දේවල් හොයා ගන්න එක හොඳයි කියලා මට හිතුනේ. මේ වෙලාවට තමයි ඇත්තටම මට තාත්තා නැති අඩුව දැනෙන්නේ..... මොනවා උනත් ගේ හරියට තව එක පිරිමියෙක් හරි හිටියා නම් කියලා මට හිතුනා. ඒ වෙලාවට මට දැනුණේ පුදුමාකාර අසරණකමක්. සල්ලිවලට හැමදේම කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්, ඒත් ඒ සල්ලි කියන ආයුධේ හරියට මෙහෙයවන්න පුළුවන් අතක්, ගට් එකක් තියන හිතක් තිබ්බොත් විතරයි.... නැත්තං ඒකත් මලකඩ කාපු පිහියක් ගානටවත් වටින්නේ නෑ... කොච්චර සල්ලි තිබ්බත් මනුස්සයෙකුගේ අඩුව පුරවන්න බෑ සල්ලිවලට.

මේ තාක් කල් මොනවා උනත් අම්මා, නැන්දා කියන්නේ පිරිමි නොවුනත් ඇත්තු වගේ පිරිමි එක්ක හරි හරියට වැඩ කරපු හැබෑම ගෑණු දෙන්නෙක්..... ඒත්, මුළු ඇඟේම ලේ අයින් කරලා දාලා, පරඬැලක් වගේ ඔහේ පුටුවක බෑවිලා හිටපු නැන්දා නිකං පැය ගානට අවුරුදු ගාණකින් වැහැරිලා ගිහින් වගේ. ඇත්තටම නැන්දව දැක්කාම මගේ හිතට දැනුණු ඒ මහා කාලකන්ණි අසරණ ඊටත් එහා ගිය ඛේදනීය හැඟීම මීට කලින් එකම එක වතාවක් මගේ හිතට දැණිලා තියනවා. ඒ අර ඕ ලෙවල්වල සිංහල සාහිත්‍යට තිබුනු බැද්දේගම පොතේ කර්ලිනාහාමි ගේ පෙනුම විස්තර කරලා තිබුණු විස්තරේ කියවද්දි.

"නිරිත දිග තද සුළඟට ඇඹරවී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරයද නැමී ඇඹරී තිබිණ. මුහුණේත් සිහින් ව ගිය අත් පා වලත් සම ගසක පොත්තක මෙන් ගොරහැඬිව රැලි වැටී ඇටයට ඇලී ගියේ ය. කුඹුක් වැනි ගස්වල පිට පොත්ත තැනින් තැන ඉගිලී සුදුව යන්නාක් මෙන් ඇගේ සමේ ද තැනින් තැන සුදු පුල්ලි නැගී තිබිණ. කම්මුල්වල මස දිය වී සම ඇකිළී ගොසිණි."

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now