විසි දෙවන දිගහැරුම

267 44 15
                                    

"ආහ්, මේ එන්නේ පොඩි මෑන්. මොකද තාම නිදි මතයි ද?"

ඊයේ රෑ ගෙදර ආපු ගමන් යන්තං ඇඟ ට වතුර ටිකක් ඉහාගෙන එහෙම්මම ඇඳට වැටුණ තැනින් එහා මට කිසිම දෙයක් මතක නෑ. මුළු ඇඟටම පොල් ලී දහපහලවක් අතෑරලා වගේ රිදෙනවා. පපුව නිකං යකඩ ඉන්නකින් හාරලා වගේ ඇදුම් කනවා.

"මාමා අද වැඩට ගියේ නැද්ද?"

"නෑ පුතා. අද ගියේ නෑ." කියව කියව හිටපු පත්තරේ පැත්තකින් තියලා මාමා කණ්ණාඩිය අතට අරන් පෙට්ටිය ඇතුලේ තිබුණු රෙදි කෑල්ලකින් පිහින්න පටන් ගන්නකොට අම්මත් මට හදපු කිරි එකත් අරගෙන සාලෙට ආවා.

"පුදුමයි ඊයේ උණු සිද්ධිය අද උදේ නිව්ස්වලට ගියේ නැති එක."

"කොහොම හරි කරලා නවත්තන්න ඇති අයියා. චැනල්වල ඩිරෙක්ටර්ස්ලත් වැඩි හරියක් ම මෙයාලගේ ඕල්ඩ් බෝයිස්ලා එක්ක කනෙක්ශන්ස් තියන අයනේ. අනික ඕක ලීක් උනොත් ඉස්කෝලෙටමනේ හොඳ නැත්තේ..."

අම්මත් කථාව ට සම්මාදම් උණා.

"මොනවා උනත් පුතා පුතාගේ ඔය ෆ්රෙන්ඩ් සර්කල් එක ගැන නං මගේ ලොකු පැහැදීමක් නෑ."

ඔන්න පටන් ගත්තා... මට මිනී පෙට්ටියක් ගෙනත් දීපීයව් රිංගලා වැලලෙන්ඩ.

"අන්න ඒකනං සහතික ඇත්ත අයියා. මෙයා ඔය ඉස්කෝලෙට ගියත් හරි ප්‍රශ්නමයි. කොච්චරවත් කට්ටිය බලන බලන සැරේ අර එළියේ වට මේස සාකච්ඡා. කෝක්කෑන් දහයක් පහලවක් ඉවර කරනවා...යනවා. හිටපු ගමන් යකා ගස් නගින වෙලාවටත් කාර් එකක් ගන්නවා... යනවා. මේ ළමයා ඉස්සර ඔහොම නෑ. වට මේස සාකච්ඡා නැත්තං කොච්චරවත් ෆෝන් එකේමයි. ඊලඟට මීඩීයා එකේ අරකයි මේකයි කියකිය දවස තිස්සේ ම ඉස්කෝලෙ. අපිත් මේ කටවල් වහන් හිටියට මෝඩයො කියලා හිතන්න එපා. මේ ඒ ලෙවල් කරන ළමයෙක් හැසිරෙන හැටිද ඔය? ඔහොම ගෙයක් දොරක් ගැන ගානක් නැති මිනිස්සුත් ඉන්නවා. හැබැයි වැඩි පැවැතීමක් නෑ."

"ඉතිං අම්මා මේ කිසි දෙයක් අපි හිතලා ඇඟේ දාගත්තුවා නෙවේනේ. ඊයේ උනත් අපි අපේ යාළුවව හොයාගෙන ටොයිලට් එකට එනකොට එතන අපේ ම ළමයෙක් මැරෙන්ඩ වැටිලා හිටියට අපි පලිද. අනික අපි තමයි ඒ ළමයගේ ජීවිතෙත් බේර ගත්තේ..?"

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now