21 කොටස ♡'

346 73 27
                                    

" මෙතන මොකක්ද වෙන්නෙ..!?"

මම දුලාන් අයියගෙන් බේරෙන්නෙ දගල දගල ඉන්නකොට පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා අපි දෙන්නම ඉක්මනට පිටිපස්ස බැලුවා..එවලෙ ඇවිත් ඉන්න එකාව දැකල දිසදගෙ බොක්ක කූල් වීගෙන ආව පෙන්ස්..එහෙන් එයාගෙ මූන! ලාවට රතු වීගෙන එන මූනෙන් දිසදට තක්කෙටම කිව්වෑකි......දුලාන් පුතෝ උබර්....අද කනව දොබෙන් යන්නම..

" උබට අපේ දේවල් අදාල නෑ පොඩි එකෝ.."

" ඒ උනාට ඔය කරන්න හදන්නෙ වැරදි දෙයක්නෙ නේද..?"

" වැරදි දෙයක් වෙන්නෙ කොහොමද බන්..මේ ඉන්නෙ මන් බදින්න ඉන්න කෙනා.."

මෙච්චර වෙලා මාරුවෙන් මාරුවට දෙන්නගෙ මූන දිහා බල බල හිටිය මාව ගැස්සිලා ගියේ ඒ වචනෙට..මගෙ ඇස් දෙක ලොකු උනා..මොකක්ද පෙන්ස් ඒ කිව්ව හරුපෙ..? දිසද කවද්ද මේ දුලාන් අයියව බදින්න හිටියෙ.. මයෙ තුන් හිතකවත් ඒ වගේ අදහසක් තිබ්බෙ නෑ පෙන්ස්.. මෙයැයිට හොදටම පිස්සුද කොහේ.. දිසද දන්නෙ නැති උනාට අපේ අසෝක මුල ඉදන්ම මේම දෙයක් දන්නවද දන්නෙ නෑ පෙන්ස්..අනේ ඒම උනොත් නම් හබක් තමා..ඒ වුනාට දිසදට බෑ මෙයා එක්කනම් වසන්න..පෙනේද දැනුත්..දිසදට යන්න දෙන්නෙත් නෑ..

" ඒ කියන්නෙ තාම බැදල නැනෙ.. ඒ නිසා එයාව අකමැත්තෙන් ඔහොම අල්ලන් ඉන්න ඔයාට අයිතියක් නෑ..!"

" අනේ මේ පොඩි එකෝ.. මේක මගේ දෙයක්..මම බලාගන්නම්..!"

* චටාස්..*

කිරි අත්තට හික්! ගැහුව නේද හොද ශොට් එකක් දුලානයට..අනිච්චාවත සංඛාරා...... ඔයැයිල හිතාගන්න පෙන්ස් එයැයිගෙ ශොට් එකේ පවර් එකට දුලාන් අයියව කැරකිලා ගිහින් ලදු ගාලකට වැන්නා.. දුලාන් අයිය දිසදව අල්ලන් හිටිය නිසා තා ඩිංගෙන් මොකුත් නොකරපු අහිංසක දිසදවත් යනෝ පාවෙලා..! කියල ගහන්න එපෑ අනේ ම්හ්ක්! නොකිය ගහනවද ඕම..! බේරගන්න ආපු එකත් ඔක්කොමට වඩා මාන්දමෙක්ද කොහේ..

" මේ හු#තිගෙ පොඩි එකාට!"

" තේව්...ඉන්න..!"

මම දැකල තියෙන දෙයක් තමයි තේව්ට වැඩියෙන්ම කේන්ති යන වචනෙ ඕක..එයාගෙ අම්මට ඔය කුනුහරපෙ කියල බැන්නම.. ඔයාල හිතුවද පෙන්ස්..ආවෙ අඕඑ දිලේක් අවතාරෙ කියල..අපෝ නෑ පෙන්ස්..ආවෙ තේව්..ඒ කියන්නෙ දෙවනි අලියා.. දුලාන් අයියට ආයෙත් තේව් ගහන්න පැන්න නිසා මම ඉක්මනට තේව්ව අල්ලගත්තා.. මෙතන කෑගහන්න ගත්තොත් හැමෝම එයි... හොද නෑනෙ..මලගෙයක්නෙ..ඒත් කොහෙද....අලි පැටිය දගලන්නෙම අරූට නෙලන්න පනින්න..දැන් තා ටිකකින් මාවත් ඇදගෙනම යයි..! එතොට ඉදියි දිසද තෙව්ගෙ බඩ බැදි ලමෙක් වගේ..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now