නොනිමි ආදරයක මතක - 1 කොටස

4 0 0
                                    

ඔරලෝසුවේ පහේ කණිසම වැදෙද්දිම ඔෆිස් එකෙන් එළියට පැනගත්තේ අවුරුද්ද අවසාන දවසේ ඔෆිස් එකේ තියෙන ඉයර් එන්ඩ් පාර්ටි එකට ඉන්නේ නැතුව...

මොකද ඔතන තව ඉන්න ඉන්න කට්ටියට එකතු වෙන්න මගේ හිතේ කැමැත්තක් තිබ්බේ නෑ. මට ඕන වුණේ ඒ ඝෝෂාකාරී පීඩන පරිසරයෙන් මිදිලා පොඩ්ඩක් මගේ මනෝ ලෝකේ කරක් ගහන්න.

ඔෆිස් එකේ කාර් පාර්ක් එක ලඟට ආපූ මං කාර් එක ස්ටාර්ට් කරේ නිදහසේ මගේ සිහින පාර දිගේ ගමන් කරන්න හිතාගෙන..

කිලෝමීටර් දෙක තුනක් ගිය තැන ලඟම තිබ්බ වයින් ස්ටෝර්ස් එක ගාව නැවැත්තුවේ බියර් ටින් එකක් ගන්න ඕන නිසාවෙන්... ඔව් මං කෙල්ලෙක් තමා. ඒ වුණාට පොඩ්ඩක් විතර බියර් එකක් එහෙම බීලා උගුර පොඩ්ඩක් තෙමාගන්නේ මගේ හිත එකලාසයක් කරගෙන ඉන්න ඕන වෙලාවකට...

බියර් ටින් එක අරන් එහාපැත්තේ ශීට් එකේ තියලා ආයේ වාහනේ ගෙනියලා නැවැත්තුවේ බීච් එක ලඟ.

කාර් එක අයිනෙන් පාර්ක් කරලා බීච් එක පැත්තට ඇවිදගෙන ගියේ ඔලුවේ තිබ්බ බර ගතිය නිදහස් කරගන්න ඕන නිසා.

මුහුදු සුළං මගේ ගතටත් සිතටත් ගෙනාවේ අපූරු ආශ්වාදයක්. මගේ කෙහෙරැළි මුහුදු සුළං වලට අහු වෙලා තිබ්බේ. ඒවා හැම අතටම රඟ දෙන්න පටන් ගත්තේ කෙහෙරැළි මගේ මූණේද යවමිනි.

ඒ කාලේ සිටම මට තිබුණේද අකීකරු දිගු කෙස් වැටියකි. එය දැන්නම් උරහිසටත් අඟල් කිහිපයක් උඩින් වූ කුඩා කෙස්වැටියක් වී හමාරය.

නැවත හැරී කාර් එකේ තිබූ බියර් ටින් එකද රැගෙන වෙරළේ අයිනේ හිඳ ගෙන බියර් ටින් එක කැඩුවෙමි.
" හොෂ් " යන හඬින් එය විවෘත විය.

එහි කූල් බැස ගානට තිබුණු අතර එයින් උගුරු කිහිපයකින් මුව තෙමාගත් මා ඈත ක්ෂිතිජය දෙස බැලුවෙමි. ඉර මුහුදේ ගිලෙන සැටි බලමින් මා දිවගියේ අතීත මතක අවදි කරන්නටය.

" සාවී "
ඇයගේ නම හිමින් කෙඳිරූ මා නෙතඟට ගලා ආ කඳුලැලි ඉක්මනින් පිහගත්තේ කවුරුන් හෝ දකීදැයි සිතා වටපිට බලමින්ය.

~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now