නොනිමි ආදරයක මතක - 3 කොටස

2 0 0
                                    

කාමරේට වැටුණු ළහිරු කිරණ නිසාත්, හයට තිබූ එලාමය වැදීම නිසාත් නැගිට්ට මා පොරවනය නවා සිතුවගේ කාමරයට එබුණි. ඒ වනවිටද සිතුවා නැගිටලය.

කුස්සිය පැත්තට යනවිටත් සිතුවා උදේ කෑම ලෑස්ති කරමින් සිටියාය. ටෝස්ට් කළ සැන්ඩ්විච් හා බිත්තර ඔම්ලට් හදා ඉවරය. ගෙනාපු මැටි කළයත් සාලයේ මැද පුංචි ලිප උඩ තියලා තිබ්බේ කිරි උතුරන්න ඕනේ කියලා සිතුවගේ හිතේ තිබ්බ නිසා.

" අහ්.. මෙන්න ඔයාගේ ටී එක... ඕක බීලා ඉක්මනට ලෑස්ති වෙයන්.. පරක්කු වෙනවනේ... කිරි එකත් උතුරන්න ඕනේ... "

මගේ ටී එක දුන් සිතුවා වෝෂ් එකක් දාන්න ගියාය.

හම්මේ ටී එකේ සුවඳ. මයිලෝ දාලා හදලා තියෙන්නේ ඉතිම්. මං ටී බොනවනම් මොනාහරි ෆ්ලේවර් එකක් ඕනේ. නැත්නම් බොන්නේ නෑ. සිතුවා ඉතින් මගේ චොයිස් දන්නවා.

ටී එක ඉක්මනට බීලා මාත් සිතුවා ආවට පස්සේ වොෂ් එකක් දාගෙන රෙඩි වෙලා ආවේ කෑම කාලා ඉක්මනට ඔෆිස් යන්න ඕන නිසා. දෙන්නම එක්ක කිරි එකත් උතුරලා අලුත් අවුරුද්දේ සුබ මොහොතින් අලුත් ප්‍රාර්ථනා එක්ක පටන් ගත්තා.

මං ඊටපස්සේ කාමරේට ගිහින් මගේ ෆෝන් එකයි, කාර් කී එකයි අරන් එනකොට සිතුවා කෑම කාලා මගේ බඩු ටිකත් අරන් කාර් පාර්ක් එකට ගිහින්. මං ටෝස්ට් කරපු  සැන්ඩ්විචයක් කටට දෙකට ගිලලා ඔම්ලට් එකකුත් කාලා තව සැන්ඩ්විචයක් අතට අරගෙන එපාර්ට්මන්ට් එක ලොක් කරන් කාර් පාර්ක් එකට ගියා.

" ඉක්මනට රනූ... අද වැඩ ගොඩයි... " සිතුවා කාර් එක ලඟ ඉඳන් කෑ ගහනවා.

සැන්ඩ්විචයත් කටේ ඔබන්
" ඕම්ම්ම ඉම්ම්ම් මංම්ම් එම්ම්ම් " ලෙස කියන්නට විය.
" තමුසෙට පිස්සුද බං කටේ කෑම ඔබං කෑ ගහන්න... " සිතුවා උදේම දෙහි කපන්නට පටන් ගත්තාය.

" හරි හරි බං කාලා ඉවරයි...  යං යං... "

මා කාර් එකට නැග්ග පසු සිතුවා එහාපැත්ත අසුනේ ඉඳ ගත්තාය. අතින්ම මගේ කෙටි කොණ්ඩය පිටුපස කණ්නාඩියෙන් බලා සකසා ගත් මා ඔෆිසිය වෙත කාරය ධාවනය කරවීය.

ඉක්මනට ලිෆ්ට් එකට ගිය අපි දෙන්නා සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මානව සම්පත් අංශයට ඇතුළු වීමු.

~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now