නොනිමි ආදරයක මතක - 11 කොටස

0 0 0
                                    


සාවී කෑම ටික කනකම් මං මගේ කෝෆි එක බොන්න ගත්තා. බීලා ඉවර වුණ ගමන් මං සාවී දිහා හැරිලා බැලුවේ කාලා ඉවරද බලන්න... කන්න බෑ කිය කිය හිටපු කෙල්ල ගෙනත් දීපුවයින් සෑහෙන්න වග කියලා තිබ්බා. කෝපි එකත් බීලා ඉවර කලේ මං බලන් ඉද්දී...

මෙච්චර බඩගින්නක් තියන් මං ඒ කෙල්ලගෙන් වැඩ ගත්තා නම් කොච්චර පව්ද. මට එහෙම හිතුණා...

" හරි නේද දැන් බඩ පිරිලනේ... අපි ඒනම් වැඩ පටන් ගමු... "

" හරි මැඩම් " කියලා සාවී මගේ මූණ දිහා බැලුවා... බලද්දී මට ලාවට හිනාවක් ගියා....

" ඇයි මැඩම්... හිනා වෙන්නේ... " කෙල්ල මූණ නරක් කරන් මගෙන් ඇහුවා....

" හිනා යන් නැද්ද.. ඔය කට වටේම පෙස්ට්‍රි එකේ කුඩු.. පිහිදගන්න.. "

" අයියෝ මැඩම් සොරි... මං ලඟ ලේන්සුවක්වත් නෑනේ... " එහෙම කියමින් සාවී ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

" අහ් ඉන්න ඉන්න... මං ලඟ ලේන්සුව ඇති... "

මං මගේ ඕඩික්ලෝන් දාලා හතරට නවලා අයන් කරපු ලේන්සුව එයාට දුන්නා පිහිදගන්න...

ලේන්සුවෙන් පිහිදගත්ත සාවී ඊටපස්සේ මගේ දිහා බලන් ඉන්නවා...

" ඒනම් දැන් හරිනේ... අද ගොඩක් වැඩ තියෙන දවසක්... ඔයාට කරන්න තියෙන්නේ මට ආපූ මේල්ස් ටික චෙක් කරලා ඒකට කරන්න ඕන ගෙවීම් ටික ෆයිනලයිස්ඩ් කරන්න... ඒ ගමන්ම අර සැලරි වැඩ ටික ඔක්කොම කරන්න ඕන... අපේ අලුත් බ්‍රාන්ච් එකේ ගිණුම් වැඩ ටිකත් කරන්න... ඒ ඔක්කොම අද අපි දෙන්නා ඉවරයක් කරන්න ඕන... තේරුණාද... "

" හරි මැඩම් මං ඒ ටික අද ඔක්කොම  ඉවර කරන්නම්... තව මොනවත් තියෙනවද... "

" නෑ අද දවසේ ඔය ටික කරගත්තා නම් හරි සාවිත්‍රී.."

" හරි මැඩම් "

එහෙම කියන ගමන් සාවී මගේ කැබින් එකෙන් එළියට ගියා... මාත් ඊටපස්සේ මගේ වැඩ ටික කරගෙන යන්න පටන් ගත්තා...

-------------------------------------------------------------------------------------

පහාමාරත් වෙලා... වැඩ ගොඩ නිසා වෙලාව යනවා දැනුනෙත් නෑ. එහෙම්ම මං ලැප් එකත් ඕෆ් කරලා මගේ කැබින් එකේ ජනේලෙන් අහස දිහා බැලුවා.. අහස කළු කරන් අද හවස හොඳට වැස්සක් වහින්න යන්නේ...

~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now