නොනිමි ආදරයක මතක - 12 කොටස

0 0 0
                                    

සාවීව ගේ ලඟින්ම බැස්සවූ මම ඇයට ශුබ රාත්‍රීයක් ප්‍රාර්ථනා කරමින් කාරය නැවත අපේ එපාර්ට්මන්ට් එක දෙසට ධාවනය කරන්න ගත්තා...

කාරය තුළ සිදු වූ ඒ සිදුවීම ආයේ ආයේ මගේ මතකයට එන්න ගත්තා...

ඒ දෑස් මගේ ඉස්සරහා තිබූ ආකාරය මැවෙන්න පටන් ගත්තා... ආදරබර ප්‍රාණවත් දෑස් අස්සේ තාමත් ඇය මට පෙම් බඳින්නේද...

මගේ සිත නොසන්සුන්ය. මහා ජල කඳක් ගලන්නා සේ පපුව වේගයෙන් ගැහෙන්නේය. ඇස් කෙවෙනි තෙත් කරමින් කඳුළු දාරාවන් මගේ නෙතඟින් වැටෙන්නට විය...

කාරය මම පාරේ ඉඩ ඇති තැනකින් නැවැත්වීමි... ස්ටියරින් වීල් එක මත හිස තබා ඇති තරම් හැඬුවෙමි...

අසම්මත

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

අසම්මත... නෑ ඇත්තටම එය අසම්මත නොවේ... ආදරයක්ම පමණී.. ආදරය ආදරයමය.. මගේ සිත එසේ කියන්නට විය... නමුත් මගේ ආදරය සමාජය දකින්නේ අසම්මතයක් ලෙසය...

විශාල කුළු ගෙඩියකින් හිස් කබලට පහර දෙන්නා සේ මට දැනෙන්නට විය...

මා තවමත් උභතෝකෝටික ප්‍රශ්නයක සිර වී ඇත.

ඇය තවමත් ප්‍රේම කරන්නේද මටම... ?

මා එය නොදනී...

නමුත් ඈගේ දෑස්...

නෑ ඇය මට තවමත් ප්‍රේම නොකරයි.. එය අනුකම්පාව නිසා සිදු වූ දෙයක්... මා එසේ මගේ සිත අස්වසාලන්නට විය...

ඇඬු තරමට ඇස් යට ඉදිමි ඇස් රතු වී ඇත...

නිකමට ඔරලෝසුවේ වෙලාව බැලීමි.. දහයටත් කිට්ටුය.

ඉක්මනින් කාරය ස්ටාර්ට් කර නිවස දෙසට වේගයෙන් කාරය පැදවීමි...

" සිතූ සිතූ... මේ දොර අරින්නකෝ... "
මා දොරට තඩි බෑවෙමි.

සිතුවා පැමිණ දොර ඇරියාය.

~ නොනිමි ආදරයක මතක ~Onde histórias criam vida. Descubra agora