නොනිමි ආදරයක මතක - 4 කොටස

0 0 0
                                    

ඔෆිස් එකට ගිය ගමන් මං ගියේ අපේ මීටින් රූම් එකට ප්‍රෝග්‍රෑම් එකට ඒක රෙඩිද කියලා බලන්න. ඒ වෙනකොටත් ටිෂානියි සමාධියි ඒ වැඩ කොටස කරලා ඉවරයි...

" ගුඩ් මෝර්නින් ටිෂානි මිස් සමාධි මිස්... වැඩ ටික ඔක්කොම හරි නේද... "

" ගුඩ් මෝර්නින් මැඩම්... ඔක්කොම හරි " දෙන්නම එක වර කියූ අතර මං ටිෂානි එක්ක අනිත් වැඩ ටික බලන අතරේ සමාධි සිතුවට උදව් කරන්නට ගියාය.

ඊටපස්සේ මාත් ඩිපාර්ට්මන්ට් එකට ගියේ හැමදේම ගානට ලෑස්ති වෙලා තිබුණු නිසාය. මට තිබුණේ එන සාමාජිකයන් පිළිගන්න කතාව විතරක් නිසා ඔවුන් එතනට එනකම් මං මගේ මේසේට වෙලා හිටියේ ටිෂානි ඒ වැඩේට අඬගහනකම්...

" රනුල්යා මැඩම් වෙල්කම් ස්පීච් එකට වෙලාව හරි... "

" හරි මං එන්නම් ටිෂානි... "

කියමින් මං මීටීන් රූම් එකට ගියෙමි. මුළු රූම් එකම පිරෙන්න සිටියේ අපේ අලුත් සාමාජිකයන්ගෙන්.
මං ඒ සියල්ලන්ම පිළි අරගෙන කතාව ඉක්මනට ඉවර කලා. ඊටපස්සේ අපේ ආයතනය ගැන කෙටියෙන් සඳහන් කරමින් ඔවුන් අපේ ආයතනයට ඉතාමත් සාදරයෙන් පිළිගන්නා බවට පවසමින් මං මගේ දේශනය ඉවර කලා.

ඉන්පසු සේරම වැඩ කටයුතු සිදුවුණේ සිතුවගේ අනුදැනුම මත. අලුත් සාමාජිකයන් සියල්ල ඩිපාර්ට්මන්ට් වලට බෙදූ අතර අපේ ඩිපාර්ට්මන්ට් එකටද අලුතින් තුන්දෙනෙක් එකතු වුණා. එතන තවදුරටත් රැඳී සිටීමේ අවශ්‍යතාවයක් නොතිබුණු නිසා මං ඔෆිස් රූම් එකට ආවා.

මං ඒ වෙනකොට ලැප් එකේ වැඩක් කරන ගමන් ඉද්දී සමාධි අලුත් තුන්දෙනාවත් අපේ ඩිපාර්ට්මන්ට් එකට එක්කන් ඇවිත්. බෝයි කෙනෙකුයි ගර්ල්ස්ලා දෙන්නෙකුයි. මං ඒ පැත්ත වැඩිය බැලුවේ නැත්තේ ලැප් එකේ මං වැදගත් වැඩක් කරන ගමන් හිටිය නිසා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now