උදේම ඔෆිස් එකට ආපූ සාවී ඇයගේ මේසයට වී ඉඳගෙන සිටියාය. මැඩම්ගේ කැබින් එක හිස්ය. ඒ පැත්තට හිස දැමු ඇය රනුල්යගේ කැබින් එකේ දොර ඇරන් එය ඇතුලට ගියාය.
කැබින් එකේ පිළිවෙලට සියල්ලක්ම සකස් කර ඇති අයුරු දැක ඇය සතුටු වූවාය. මේසය උඩ ලැප් එකයි පෑන් රඳවනයකුත්, කුඩා දින පොතක්ද විය...
ඇය එය අතට ගෙන බැලුවාය. එහි අවුරුද්ද මුල සිටම කර තිබු දේවල් සටහන් කර තිබුණි. එහි විශේෂ කිසිවක් නොලියා තිබු අතර පොත ඇතුළේ තිබී බුක් මාර්ක් එකක් බිමට වැටුණි...
එයද ඒ තරම් වැදගත්කමක් නොතිබු සාමාන්‍ය එකකි. එහි පිටිපස හරවා බැලූ ඇයට දක්නට ලැබුණු දෙයින් සාවීගේ නෙතඟට කඳුළක් එන්නට සමත් විය.
" දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යමේ "
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එලෙස සිංදුවක කොටසක් සටහන් කර තිබුණද එයට ලොකු අතීතයක් ඇති බව සාවී දැනන් සිටියාය.
බුක් මාර්ක් එක තිබු තැනින් තබා ඇය දින පොතද මේසය උඩ තැබුවාය. සාවීගේ හිතට රනුල්යා ගැන දුකක් ඇති වන්නට විය. ඇය තවමත් සාවී ගැන හිතන බවත්, ඇයට තවමත් ආදරය කරන බවත් ඇයට තේරුම් ගියේය.
-------------------------------------------------------------------------------------
සිතුවත් මාත් අපේ ඩිපාර්ට්මන්ට් එක ලඟට ඇවිල්ලා හිටියේ. මං මගේ කැබින් එක පැත්තට ඇවිදන් එන විට මගේ කැබින් එක ඇතුළේ සාවී ඉන්නවා දැක්කා.
සාවී මොනවද මගේ කැබින් එකේ කරන්නේ... මං මටම කියාගත්තා.කැබින් එකේ දොර අරින ගමන් මං උගුර පෑදුවා.
" ම්ම්ම්ම්ම්හ්... මිස් සාවිත්‍රී මොකද මේකේ කරන්නේ.. "
![](https://img.wattpad.com/cover/368710456-288-k298626.jpg)
YOU ARE READING
~ නොනිමි ආදරයක මතක ~
Fantasyඅවිනිශ්චිත සිදුවීම් අතර දෝලනය වන ජීවිතයක චරිත අතර ඇතිවන රසවත් හමුවීම් හා සංවාද