නොනිමි ආදරයක මතක - 5 කොටස

0 0 0
                                    

මං කෙල්ල දිහා බලන් දිග සුසුමක් හෙළුවා.

" සාවිත්‍රී " මං හෙමින් මිමිණුවා. ඇය නැවතත් මගේ දෑස් ඉදිරිපිටම සිටීම මට නම් දැණුනේ දෛවෝපගත සිදුවීමක් ලෙසටය. මගේ අතීත මතක නැවතත් ඇය දැකීමෙන් උද්දීපනය වී මගේ ඔළුවේ මැවෙන්නට පටන් ගත්තේය.

ඇය දැකපු මුල්ම වතාවට මාද ගල් ගැසුණෙමි. මාගේ පරණ ප්‍රේමය නැවතත් දෑස් ඉදිරියේ දකින්නට වීම අරුමයක්ම නොවෙද. ඒකත් මා වැඩ කරන තැන මගේ ඩිපාර්ට්මන්ට් එකේ මගේම ඇසිස්ටන්ට් ලෙස වැඩ කිරීම මට හිතාගන්නටම බැරිය...

ඇයටද මෙසේ සිතෙන්නට ඇති බව මා සක්සුදක් සේ දනිමි. මන්ද මා දුටු වෙලේ ඇයද ගල් ගැසී මගේ දෑස් මඟ හරින්නට වූ බැවිනි...

නමුත් අර පරණ ප්‍රේමයේ මුල් මාගේ හිතේ තිබුණද ඇය තවමත් ඒවා හිතේ තබා සිටිනවාද යන්න මා නොදනී. නමුත් ඇය මට බිය වීම මට දුකක් දෙන්නට විය... ඇය අකමැති නම් මා ලඟ වැඩ කිරීමට ඇයව සිතුවා ලඟ වැඩ කරන්නට දැමිය හැකිය... මං එසේ අවුරුදු ගානකට පස්සේ නැවතත් සාවිත්‍රීගේ ලෝකේ කරක් ගසන්නට විය...

" රනූ මචං යං යං ලන්ච් එකට...  මට නම් බඩගිනී බං හොඳටම... "

" ඉන්න... ඉන්න... මං එනවා.... ඔයා යන්න මං එන්නම්... "  මං සිතුවව එළවගත්තෙමි.

මං දැක්කා සිතුවගේ කැබින් එකේ එහා පැත්තේ මේසේ සාවිත්‍රී ඉන්නවා...

" සාවිත්‍රී.. ඔයා ලන්ච් එක ගෙනාවද .... "
" ඔව් මැඩම්.... මං ගෙනාවා... "

" එහෙනම් යං අපිත් එක්ක ලන්ච් එක ගන්න... "
" කමක් නෑ මැඩම් මං නිෂාධි එක්කම යනවා. එයා කිව්වා එයා එක්ක යන්න එන්න කියලා... "

" හරි සාවිත්‍රී මං එහෙනම් ලන්ච් අරන් එන්නම්.... "

" හරි මැඩම්.. "

පිස්සු කෙල්ල... මැඩම් කියන්න එපා කියද්දිත් ආයේ ආයේ කියනවා. එහෙම සිතමින් මං සිතුවා එක්ක ලන්ච් එක ගන්න රූෆ් ටොප් එකට ගියා. ලන්ච් අරන් ඇවිත් සාවිත්‍රීව අඬගහගත්තේ මාත් එක්ක වැඩ කරන්න කැමතිද නැද්ද කියන එක දැනගන්න.

" මොකද කියන්නේ සාවිත්‍රී... ඔයා මාත් එක්ක වැඩ කරන්න කැමතිද... ඔයාට අපහසු නම් සිතුලි මැඩම් එක්ක වැඩ පටන්ගන්න පුලුවන්... මොකද කියන්නේ ඉතින්... "

~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now