දවස කෙමෙන් ගෙවී ගිය අතර පහ හමාර වෙද්දී මායි සිතුවයි අපිට හුරුපුරුදු එපාර්ට්මන්ට් එකට ඇවිත් හිටියා.
දින සති මාස ගෙවෙමින් කාලය ගත වන්නට විය. සාවී මගේ ලඟ වැඩ කරන්නට ඇවිත් දැන් මාස හයක්... ඒ මාස හය පුරාවටම මා සාවීව ආශ්‍රය කළේ මිතුරකු ලෙසින් පමණි.
නමුත් පෙරට වඩා ඇය දැන් මා සමඟ මිත්‍රශීලිය. මා හට තිබූ බයද කෙමෙන් අඩු වී ඇති නමුත් තවමත් මැඩම් කියන එක නම් කියන්නේය. 😒😒😒
-------------------------------------------------------------------------------------
වැසි සමය ආරම්භ වීමත් සමඟම නොකඩවා වැසි ඇඳ හැලෙන්නට වූයේ ඔෆිස් යන ගමනද එපා කරවමිනි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. කාර් එකේ යන මටම ඔෆිස් යන්න එපා වෙනවානම් බයික් වල යන මිනිස්සු කොච්චර පව්ද... මං එසේ සිතමින් මගේ කෝපි කෝප්පය තොල ගෑවෙමි.
ජනේලයෙන් පිටත වහින වැස්සට මා ප්‍රේම කළද ඒ ප්‍රේමය පවතින්නේ මා ගෙදර සිටිනා දවස්වලට පමණකි..
අද ඉරිදා නිවාඩු දිනයේ මා වැස්ස රස විඳී මුත් හෙට නම් වැස්ස වහිනවට කිසිදු ප්‍රියතාවයක් නොවන්නට විය." රනූ.. මොකෝ කල්පනාව... උඹට හෙටත් වැස්සේ ඔෆිස් යන්න වෙනෝ... බලහං ඉතින් මේ වැස්ස තව සති දෙකක්වත් තියෙයි... "
" මොනාද බං... උඹේ කට... පොඩ්ඩක් සුබවාදීව හිතපංකෝ ශිට්... "
" උඹ ඉතින් හරියට නාන්නෙත් නෑනේ... වැස්ස දවස්වලට පොඩ්ඩක් වැස්සට අහු වෙලා නාන එක කොච්චර ලොකු දෙයක්ද... "
" අනේ මේ සිතුවෝ උඹ මගෙන් කන්න තමා යන්නේ... "
" ඉතින් බං බොරුද කියන්නේ... "
" මේ.. මේ.. අපහාස එපා හරිද... "
මං සිතුවට රවමින් කුස්සියට ගියේ කෝප්පය සෝදන්න.
![](https://img.wattpad.com/cover/368710456-288-k298626.jpg)
YOU ARE READING
~ නොනිමි ආදරයක මතක ~
Fantasyඅවිනිශ්චිත සිදුවීම් අතර දෝලනය වන ජීවිතයක චරිත අතර ඇතිවන රසවත් හමුවීම් හා සංවාද