නොනිමි ආදරයක මතක - 7 කොටස

0 0 0
                                    

සිතුවා ඒ පාර ඒ කොට්ටෙන් මට දමලා ගහලා ඒකීගේ කාමරේට ගියා. මාත් කාමරේට ගිහින් නිදාගන්න ලෑස්ති වෙලා ෆෝන් එක චාර්ජයරයට දාන්න හැදුවේ....

ඒත් හිත කියන්නෙම සාවීගේ මූණ තව එකපාරක් බලපං කියලා...
ආයෙමත් මේල්ස් ටිකෙන් සාවීගේ මේල් එක හොයාගත්ත මං ඒ ෆොටෝ වලින් එකක් මගේ ෆෝන් එකේ ගැලරියට සේව් කරගත්තා...

සය අවුරුද්දකට පස්සේ ඒ සුන්දර මුහුණ මගේ ගැලරියට එකතු වුණේ එහෙම. මේ වෙනකම් එයාගේ කිසිම ෆොටෝ එකක් ලඟ තියාගන්න මං උත්සහා කලේ නෑ.

නමුත් මේ ෆොටෝව දකින වාරයක් පාසා මගේ හිත පත්ලේ තියෙන හැඟීම් සමුදාය එහෙම් පිටින්ම අවුස්සලා දාන්න තරම් සමත් කියලා මට තේරුණා...

එයාගේ ෆොටෝ එක දිහා බලන් ඉඳලා ෆෝන් එක චාජරයට දාලා මං නිදාගත්තා....

" රනූ අක්කේ... ඔයා ඇයි මේ අඬන්නේ... අඬන්න එපා මගේ අක්කා මැණික... ඔයා එක්ක මං හැමදාම ඉන්නවා......."

මට පේනවා ඇය මං ලඟින්ම ඉඳන් මගේ හිස පිරිමදින හැටි... ඇගේ සිනිඳු අතැඟිලි වලින් මගේ කුඩා කෙස් වැටිය මගේ කනින් පිටුපස දමමින් ඇය මා අස්වසාලන්න උත්සහා කරනවා....

" අනේ මාව එක්කන් යන්න එපා.... අනේ දෙවියනේ මට රනූ අක්කව ඕනේ.... අනේ............... "

එතනට ආපූ පිරිමි කෙනෙක් සාවීව ඇඳන් යනවා මට පේනවා..  ඒත් මං කතා කරන්න හැදුවත් මගේ කටින් එකම වචනයක්වත් පිට කරගන්න බැරිවුණා...

"  සාවී.... මාව දාලා යන්න එපා...... "

මං කොච්චර හයියෙන් කෑගැහුවත් මගේ කටහඩේ සද්දයක් පිටවුණේ නෑ....

මං එතනම දණ ගහගෙන පොළවට පහත් වෙලා අඬන්න ගත්තා....

ඒත් එක්කම මං ඇහැරුණා...... මගේ මුළු ඇඟම දාඩියෙන් පෙගිලා... දාඩිය බිංඳු නළලෙන් ගලාගෙන කම්මුලට ඇවිල්ලා තිබ්බා....

මං ඒ දැකපු දේවල් හැබෑවක් නෙමෙයි... රෑ හීනෙන් දැකපු දෙයක්... සාවී... එයාට මුකුත් වෙලා නෑ... මං ෆෝන් එක අරන් වෙලාව බැලුවා... පාන්දර හතරයි. දැන් ආයෙමත් නිදාගන්න නම් බෑ...

ඒ දැකපු හීනය නිසාම තවදුරටත් නින්ද මං ලඟට ආවේ නෑ. කරන්න දේකුත් නැති නිසා වොෂ් රූම් එකට ගිහිල්ලා මූණ සෝදගත්තා...

~ නොනිමි ආදරයක මතක ~Where stories live. Discover now