සාවීව එතනිස් බැස්සවු මං නුවරඑළියේ යාමට සිතාගත්තේ බස් එකේය. මන්ද ඒ තරම් දුර කාරය පැදවීම ඉතා වෙහෙසකර දෙයක් වූ බැවිනි. ඒ නිසාම කාරය එපාර්ට්මන්ට් එකේ දමා සුදානම් කරගත් ඇඳුම් බෑගය රැගෙන බස් එකක් ගැනීමට කොටුවට ආවෙමි.
කොළඹ නුවරඑළිය බස් එකකට නැගගත් මා වීදුරුවක් ආසන්නයේ වූ ශීට් එකක අසුන් ගත්තෙමි.
බස් එක කොළඹ සිට නුවරඑළිය බලා ඇදෙන්නට විය. හෙමි හෙමින් ගමන් ආරම්භ කල බසය මේ වන විට සෑහෙන්න වේගයකින් ගමන් කරමින් තිබුණි.
කඳු පන්ති වලින් මාරු වෙමින් ගමන් කල බසය නුවරඑළියට පැමිණෙද්දී රෑ දහය වී තිබුණි.
සිතුවගේ ගෙවල් වලට යාමට නම් මා තව කිලෝමීටර පහක්වත් යා යුතුය. ඒ සඳහා මම එතන තිබූ ත්‍රීවිලරයක් අත දමා නැවැත්වීමි. සිතුවා මා හට එවා තිබු ලිපිනය මා ත්‍රීවිල්කරුට කියූ පසු ඔහු ඒ ඔස්සේ ධාවනය කරන්නට විය.
සුදු පැහැති කොඩි මඟ දෙපස තිබෙනු මා ඈතදිම දුටුවෙමි. ඒ සිතුවගේ ආච්චිගේ ගේ බව මා සැක හැර දැනගත්තෙමි. ත්‍රීවිල් ගාස්තු ගෙවා ඉක්මනින් මං සිතුවා සොයා ගේ ඇතුලට ගියෙමි.
ඒ වනවිටත් සිතුවා කාමරයකට වී රතු කරගත් මුහුණින් සිටින බව දැකගන්නට විය.
" සිතුවා.... " එකෙනෙහිම මා දිහා බැලු ඇය මා වෙත පැමිණ මා බදාගත්තාය.
සිතුවා හොඳහැටි අඬා ඇති බව මට තේරුම් ගියේය. ඒ දවස් කීපයට ඈ හරිහැටි කෑමද නොගෙන ඇති බව එතන හිටි ඇයගේ නෑදෑ නැගණියක් මට පැවසීය....
පහුවදා භූමදාන කටයුතු නිම වූ විගසම සිතුවා සමඟ මා කොළඹට ආවේ ඉරිදා රෑ මැදියමද පහුවෙලාය. ඇයගේ තඩිස්සී වූ මූණත් බර වු ඇස් වලින් සිතුවගේ සිත බොහෝසේ දුකින් පිරී ඇති පෙනුනු මට අපි දෙන්නටම මහන්සිය සිත් වේදනාව යවා ගැනීමට කෝපි පිළියෙල කලෙමි...
YOU ARE READING
~ නොනිමි ආදරයක මතක ~
Fantasyඅවිනිශ්චිත සිදුවීම් අතර දෝලනය වන ජීවිතයක චරිත අතර ඇතිවන රසවත් හමුවීම් හා සංවාද