සතර වන කොටස

1.1K 203 150
                                    

කමෙන්ට් ගෝල් 50

" මේ අහපන් කොල්ලා , උඹ කොහොමද අර දඩාර සයිස් බිල්ඩින් එක තරණය කරගෙන මෙතනට ආවේ? ආ?? අදහ ගන්න බෑ . උඹ ජනේලෙන් එලියට පැන්නද? උඹ හම්බාවද? අඩො බොසා. කියපන්කො අංගය නොකර"

ආරුල් එක දිගට විශුද්ගෙ ඇඳුමෙන් අදින ගමන් යාප්පු වෙනකොට විශුද් ආරුල් දිහා රවාන බලන් හිටියා. මෙතුවක් කාලයට පංච මහා ගෝත්‍ර හොල්ලගෙන උන්නු , ලංකා ද්වීපයේ අනාගත අධිරජු බවට නිමිති පහල උන , ඒ ඇස් දිහා කෙලින් බලාන කතා කරන්න තරම් කිසිම පුද්ගෙලයෙක් නිර්භීත නොවුන , දේව ගෝත්‍රය විශුද් කුමරුට කොහෙවත් ඉන්න පිස්සු හැදුනු , ඝන්ටාර පූජාවකින් ලැබුනාය වගේ කටක් තියන කොල්ලෙක් ඇගිල්ලකින් ඇන ඇන අපහාසාත්මක විදියට කතා කරනකොට ඒකාට ඒක ඉවසා ගන්න බැරි උනා.  බැරිම තැන විශුද් ආරුල් ගෙන් අඩියක් පස්සට තිබ්බා.

" තමාගේ ස්ථානය තේරුම් ගනු!!"

විශුද් මුමුණන කොට ආරුල්ගෙ කට බාගෙට ඇරුනා.

" හෑ?? සිංහල පෙලපොතක් ඔලුවට වැදිලාද. නැත්තං මහා වංශෙ මොලෙ හිර වෙලාද... ආආආ මේ බොසා. බොරු මරිසි දාන්න එපා. උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු. බොරු අගය කිරීම් නැතිව කියපන් උඹ කොහොමද එතනින් පැන්නෙ කියලා"

ආරුල් දිගින් දිගටම අහනකොට විශුද් අහක බලා ගත්තා. විශුද්ට යන්න කියලා තැනක් හිතා ගන්න බැරි උනා. තප්පර කීපයකට කලින් ආරුල් කියලා තිවුනෙ තමන් එක්කලා තමන්ගෙ ගෙදර යන්න විශුද්ට එන්න කියලා. ඇත්ත වශයෙන්ම ආරුල් ඒ වෙනකොට පොලිසියට ගොහින් හිටපු තාත්තාට වගේම ෂේප් එකෙ ගෙදරට මාරු උන සහිල්ට කෝල් එකක් දීලා කියලා තිවුනෙ විශුද් හමිබවෙච්චි වගක්. තාත්තා එනකම් ආරුල්ට ඒකා එනකම් එතනම ඉන්න කියලා උපදෙස් ලැබුනු නිසා ආරුල් විශුද් එක්කලාම උන්නා. අනික් අතට විශුද්... තමන් මොන ලෝකයකට පාත් උනාද කියලා හිතන්න බැරි තරමට අසරණ වෙලා තිවුනෙ. මේ ලෝකෙ තමන් අඳුනන එකම මනුස්සයා මේ පිස්සු හැදිච්චි කොල්ලා වෙනකොට විශුද් වෙන යන්න තැනක් දැනගෙන උන්නෙත් නැහැ. එහෙන් බඩ පපුව දාලා යන බඩගින්නකින් විශුද් පීඩා වින්දා.

පුනරාගමනWhere stories live. Discover now