පනස් හත් වන කොටස

604 123 105
                                    

කමෙන්ට් ගෝල් 50

විශුද් සුක්ලාක්ෂි අසිපත කැඳෙව්වේ අරෝ , ආරුල්ගෙ ලඟට එනකොට. ආරෝ විශුද්ගෙ සුක්ලාක්ෂී අසිපතට ගැස්සිලා ගියා. ලා නිලට හුරු ශ්වේද වර්ණ දිස්නයක් එක්ක මතු උන අසිපත ආරුල් එදා රාත්‍රියේ මැව්ව අසිපත තරම් භයානක නොවුනත් එය දරා සිටි ශක්තිය ආරෝට දැනෙන්නට උනා. ඔහුගෙ සමේ සෑම රෝම කූපයක්ම එහි පවතින ශක්තියට ප්‍රතිරෝදය දක්වනවා ඔහුට දැනෙන්නට ඇත්තෙ ඔහු පිසාච ගෝත්‍රිකයෙකු වූ නිසා වෙන්නට ඇති. විශුද් අසිපත මවා පානකොට රිවාන් අඩි කීපයක් ඉදිරියට ආවත් ආරෝ ඊට කලින් ආරුල් ඉස්සරහ දන නැව්වා.

"මේ... මොකද ඒ කොල්ලෝ? දණ ගහන්න පිස්සුද බං?"

ඔහු අහනකොට ආරෝ ආරුල්ට අත් දෙක එකතු කරලා වඳිනකොට ආරුල් පිටිපස්සට පැන්නෙ ඇස් දෙක ලොකු කර ගෙන. ආරෝගෙ හිතෙ තිබුණෙ පසුතැවීමක්. ඔහු රිවාන් සේම විශ්වාස කලා මේ පුද්ගලයා දුෂ්ට නපුරු පුද්ගලයෙක් කියලා. ඒ නිසායි ඔහු බණ්ඩාර ලොකු හාමුට තමන්ගෙ සහයෝගය දෙන්න තීරණය කලේ , කොහොම නමුත් ඔහු දුෂ්ඨයෙක් නම් ඔහු කෙසේවත් තමන්ව ඝාතනය කරන්නට ආ පුද්ගලයා ජීවිත අවධානමේ සිටින මොහොතක ඔහුගෙ ජීවිතය බේරා ගන්නට යොමු නොවන වග තේරුම් ගන්නට ආරෝට අමුතු අධ්‍යාපනයක් අවශ්‍ය උනේ නැහැ.

ආරුල් සිටියෙ ගල් වෙලා උනත් ඊලග මොහොතෙ ඔහුට මතක් උනේ මේ කොල්ලාට කතා කරන්න බැරි විත්තිය. ඔහු තනන්නෙ තමන්ට ස්තූති කරන්න වග තේරුනු ආරුල් කිසිවක් නොකියා ඔහුගෙ උරහිසෙන් අල්ලලා නැගිට්ටුවා.

"ඒ වඳින්න එපා බං. මම කැමති නෑ මොකෙක්වත් මැරෙනවා දකින්න. ඒකයි මම උදව් කලේ... මම දන්නවා හැම ගෝත්‍රිකයන්ටම ඕනෙ මාව මරලා දාන්න කියලත්. ඒත් මට බල්ලා මාව හැපුවට මට බල්ලාව හපන්න උවමනාවක් නැහැ. කොහොම උනත් තමුසෙලා දෙන්නා නම් අගක් මුලක් දන්නෙ නැතිව නිකන් ටිපර් වෙලා , ටිපර් පාක් කරන්න බඹර චක්කරයක් උස්සගෙන මෙහෙම ආවා කියලා මට තේරෙනවා"

ආරුල් කියෝගෙන කියෝගෙන යනකොට ආරෝගෙ ඇස් දෙකෙන් කඳුලු ගලාගෙන යන්න උනේ ඔහුගෙ හිත වරදකාරී හැඟීමකින් පිරිලා යනකොට. ආරුල් කතාව නතර කරලා කඳුලු සලන ආරෝ දිහා පුදුමෙන් බැලුවා. ඔහු බලාගෙන ඉකි ගහනවා දැක්ක ආරුල් කට ඇද කර ගත්තා.

පුනරාගමනWhere stories live. Discover now