විසි නව වන කොටස

607 113 102
                                    

කමෙන්ට් ගෝල් 50

ආරෝ පපුවට රිදුම් දෙන අත තද කරගෙන හිටියා. මොකුත් හිතා ගන්න බැරි තැන බයෙන් බලාන උන්නු තමන්ගෙ අල්ල හරහා ජයබණ්ඩාර ලොකු හාමු කිනිස්ස අරගෙන යනකොට වැටුණු රුධිරයෙන් පණ ගැහුණු මායා චක්‍රය තද දුඹුරු පාටට හුරු පාටකින් දිලිසෙනකොට ආරෝව එලියට ඇදලා දාපු රන්මාලි මැණිකෙ ආරෝගෙ බෙල්ලන් අල්ලලා බිත්තියට තද කරලා මුමුණපු වචන වලට ආරෝගෙ ඇඟපත හිරි වැටිලා ගියා.

" මේ ගැන උඹ කිසිම එකෙක්ට නිකමට හරි ඇඟෙව්වොත් උඹට වෙන දේ උඹට හිතා ගන්නවත් බැරි වෙයි ආරෝ.... උඹ අහලා ඇතිනෙ? වලව්වෙ ශාපේ උඹේ පස්සෙන් පන්නලා , බෙල්ල කඩලා දානවාට කැමැත්තක් නැත්තම් උඹ අත පය අකුලගෙන මොකුත් නොවිච්ච ගානට ඉඳපන්... නැත්තං උඹට මෙතුවක් කාලයක් විඳෙව්වට වඩා දහස් ගුණයක් විඳවලා මක බෑවිලා යන්න වෙයි..!! දැන් මේකත් අරගෙන පලයන්. ලොකු හාමු මහත්තයා උඹට මේක දෙන්ඩ කීවා"

රන්මාලි මැණිකේ අතට ගුලි කරපු වස්තුවත් අරගෙන ආරෝ ගැහි ගැහී පිලිකන්නට වැදුනා. ඒ වෙනකොට ඉර අවරට ගොහින් බස්නාහිර පැත්තම රතට හැරිලා , නැගෙනහිරෙන් අඳුර කාන්දු වෙනවා. තමන් දැක්කෙ මායාවක්ද නැත්තම් වලව්වේ ශාපයේ කොටහක්ද කියලා හිතා ගන්ඩ බැරිව ආරෝ රන්මාලි මැණිකෙ ගුලි කරපු වස්තුව දිහා හිමීට බැලුවා. ආරෝ පුදුම උනේ මැණිකෙ ගුලි කරපු වස්තුව චිට් චැට් චොක්ලට් එකක් විත්තිය දැකලා.

ජීවිතෙ කිසිම දවසක චොක්ලට් එකක් කාලා නොතිබුනු ආරෝගෙ දෙතොල් අතරෙ හිනාවක් ඇඳුනත් ආයෙම වේදනාවයි , වලව්වේ ශාපයයි මතක් වෙනකොට ආරෝගෙ පපුව බරෙන් පිරිලා ගියේ මහා බයක් එක්කලා. ජයබණ්ඩාර ලොකු හාමු ආරෝ එලියට පය ගහනකොට ම වැහුණු කාමරයෙන් මොනවාදෝ කුටු කුටු ගහ ගහා මතුරනවා ආරෝගෙ කන්වලට ඇහෙනකොට ආරෝ දයාවතී කුස්සි අම්මා ගෙන් අහපු මහසොන් පිල්ලිය කැඳවන්න කරන ගුරුකම් ගැන කයි කතන්දර , ඊරි  යක්ක උත්තමයා ට කුකුල් බොටුව කඩලා ලේ බොන්ඩ දුන්න කයි කතන්දර එකෙන් එක  මතක් වෙනකොට ආරෝ එතැනම ගුලි උනා. දයාවතී කුස්සි අම්මාත් පේන්න නැති , හැන්දෑවේ හය පහු උන ගොම්මන් ජාමේ උලමෙක් ගෙ මූසල හඩක් එක්කලා ගැහෙන්න ගත්ත ආරෝ ගැස්සුනෙ හීතල අතක් උරහිසට තියනකොට.


පුනරාගමනWhere stories live. Discover now