පනස් පස් වන කොටස

533 101 84
                                    

කමෙන්ට් ගෝල් 50

"විශුද්....."

"විශුද්....."

"අ- අනේ විශුද්....."

"වි-ශුද්"





"ඕයි මුඩුම මූසල පකිස්තානු ඇලිගේටරයෝ! තොට මං කියන දේ අහන් ඉන්න බැරි තරමටම සිහියක් පතක් නැති වෙන්න වැඩද? යකෝ ගාසා තීරයේ උන් දුවන ගමනුත් එෆ් බී ලයිව් එනවා. ඔය රෙද්ද ගලවන ගමන් මට අවධානෙ දෙන්න බෑ කියන්නෙ තනි බොරුව තොගෙ... බොරුව බොරුව"

ආරුල්ව යට කරගෙන ඔහුගෙ ඇඳුම් එකින් එක ලිහමින් සිටි විශුද් ආරුල් දිහා පුදුමෙන් ඔලුව උස්සලා බැලුවේ ආරුල්ට මොන යකෙක් වැහුනද කියලා. ආරුල් කියන ගාසා තීරයක් ගැන විශුද් දැනගෙන හිටියෙ නැති කොට ආරුල් කියන්නෙ මොකක් ගැනද කියලාවත් විශුද්ට තේරුනෙ නැහැ. ඔහු පුදුමෙන් ආරුල් දිහා බලාගෙන ඉන්නකොට ආරුල් කිසිවක් නොකියා තමන්ගෙ ශරීරයෙ ඉතිරි වෙලා තිබුණු අවසාන වස්ත්‍රයත් ගලවලා විශුද් ඉස්සරහ නිරුවත් වෙනකොට ඔහු විශුද් ආරුල්ගෙ සිරුර දිහා පුදුමෙන් බලාගෙන සිටියා.

ආරුල්ගෙ ශරීරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ උනා. ඔහු දේහ දාරී නොවුනත් ඔහුගෙ ශරීරය පුරා පුරුෂයෙකුගෙ පිහිටිය යුතු ලක්ෂණ මනාවට පිහිටලා තියනකොට ඔහුගෙ ශරීරය ඉතාමත් ආකර්ෂණීය උනා. ඔහු විශුද් බලාපොරොත්තු උනා වගේම කොහෙත්ම සුකුමාල තරුණයෙක් උනේ නැහැ. විශුද් අඟලින් අඟල ආරුල්ගෙ ශරීරය පුරා තමන්ගෙ ඇස් දෙක යවද්දී ආරුල් විශුද්ගෙ බඩට පහරක් ගැහුවාම විශුද් පියවි සිහියට ආවා.

"කුමන අන්දමේ-"

විශුද් කියන්න හැදුවත් ආරුල් ඊට කලින් විශුද්ගෙ බෙල්ලෙන් අල්ලලා ඔහුව තමන් වෙත ඇදලා ගන්නකොට විශුද් පහතට නැඹුරු උනේ ආරුල්ව තමන්ගෙ ශරීරයට සම්පූර්ණයෙන්ම යට කරගෙන. ආරුල් කිසිවක් නොකියා විශුද්ගෙ දෙතොල් මත තමන්ගෙ දෙතොල් රඳවනකොට විශුද් ඔහුව පෙරලා සිප ගන්නට වූවා. කෙමින් කෙමින් ආරුල්ගෙ දෙතොල් වලින් ඈත් උන විශුද් ආරුල්ගෙ ගෙල ප්‍රදේශය , පපුව , උදරය සිප ගන්න පටන් ගන්නකොට ආරුල්ට කෙඳිරි ගෑවුණා. මෙය ඔහුගෙ සහ විශුද්ගෙ පළමු අත්දැකීම වූ නිසා ඔවුන් දෙදෙනාටම තිබුණෙ නුහුරු බවක් උනත් ඒ නුහුරු බව මත්තෙ ඔවුන් දෙදෙනා ඔවුන් තුල ඇවිලෙන හැඟීම් උපරිමයෙන් රස වින්දා.....

පුනරාගමනWhere stories live. Discover now