දහ වන කොටස

951 163 147
                                    

කමෙන්ට් ගෝල් 50

ආරුල් විශුද්ට පිරිසිදු වෙන්න ඕනෙ කියලා ගියපු නිසා ඒකා කාමරේ අස්සට වැදුනෙ බාත් රූම් එකෙ වැඩ කිඩ වෙන හැටි විශුද්ට සුද්ද සිංහලෙන්ම පැහැදිලි කරලා. වසර ගණනාවකට පෙර දියුණු තාක්ෂණයක් එක්ක ජීවත් වෙච්චි විශුද්ට  , විසි එක්වන ශතවර්ෂයේ භෞතික විද්‍යාවේ සරල මූලධර්ම වලට අනුව නිපදවුණු යන්ත්‍ර ගැන ඒ හැටි පුදුම වෙන්න දෙයක් ඉතිරි උනෙ නැහැ. කතා කරන භාෂාව , සහ සම්ප්‍රධායන් හැරුණු කොට විශුද් ජීවත් වුන යුගයේ මනුෂ්‍යයන් විද්‍යාවෙන් පරතෙරට ගොහින් හිටියා.

විශුද් බාත් රූම් එක ඇතුලට ගියාට පස්සෙ ආරුල් කබඩ් එක අස්සේ රහස් ලාච්චුවක ඔබාන උන්නු ' දුම්බීම පිලිකා ඇති කරයි ' කියලා තඩි අකුරෙන් කොටපු බෙන්සොන් ඇන්ඩ් හෙජස් සිගරට් පැකට් එකෙ කොනෙ ඉතිරි වෙලා තිවුන අවසාන සිගරට්ටුව අතට ගත්තා.

"එහෙනම් සුදු පාට ඉලන්දාරියා... අර හැට පැනපු නාකි සන්දීපනී කියන සයිබීරියානු කොකිස් අච්චුව ඕනෙ මගුලක් ඒකිගෙ ලෑලි දූ පොඩ්ඩ එක්කලා කියා ගත්තා වේ... උන් ඉන්නකොට තාත්තා කාමරේට එන්නෙත් නෑනෙ... මම මගෙ ආතල් එක ගන්නවා"

ආරුල් සිගරට් කොටේට තනියම දොඩෝලා ඒක ලාච්චුව අස්සෙ හංගගෙන උන්නු ලයිටරෙන්ම පත්තු කරගෙන තොල් අස්සෙ රඳවා ගත්තා. ඇස් දෙක පියාගෙන එක වතාවක් සිගරට් එක උරෝලා වහලෙ දිහා බලාන දුම් රැල්ලක් පිම්බ ආරුල් ඇඳ දිහාට බඩ ගෑවේ ඇඳෙ ඉඳගෙන සුරුට්ටුව උරෝනවා කියලා හිතාන උනත් එක පාරටම අතට අමුතු රස්නෙ එක්කලා ආරුල් නිකමට සිගරට් එක දිහා බැලුවා.

බලාපොරොත්තු වෙච්චි ප්‍රමාණෙට වඩා කොහෙත්ම වෙන්න බැරි ප්‍රමාණයකට සිගරට් එක දැවිලා තියනවා දැක්ක ආරුල්ගෙ ඇස් දෙක උඩ ගියේ, මෙතුවක් කාලෙකට සිගරට් ගහලා ඩිග්‍රි ගහලා , පීච්ඩී දක්වා ගියපු ආරුල්ට සිගරට් කොටයක් දැවෙන්න යන වෙලාව හැරෙනකොට තීරණය කරන්න පුලුවන් නිසා.

"මේ මොන කුණ්ඩවාල...."

සිගරට් කොටෙ දැවෙන කොටසින් එක පාරටම වගේ ගිනි පුපුරක් පනිනකොට ආරුල් සිගරට් එක එහෙමම බිමට අත ඇරලා පස්සට උනෙ බිම බලාගෙන. තප්පර කීපයක් සිගරට් එක මත්තෙ ඇස් රැදෙව්ව ආරුල් නුපුරුදු හැඟීමක් දැනෙනකොට එක් වරම හිස උස්සලා බැලුවා.


පුනරාගමනWhere stories live. Discover now