හතලිස් වන කොටස

545 98 159
                                    

කමෙන්ට් ගෝල් 50

" තමුසෙ කියන විදියට අපි දේව ගෝත්‍රිකයෝ? තව ගෝත්‍ර හතරක් තියනවා ඊට අමතරව? ලංකාව මැද මන්දාර ශිකරය කියලා එකක් තියනවා? තමුසෙ බ්‍රහ්ම ගෝත්‍රිකයෙක්... සේරම හරි තමුසෙට මොකෙක්ද භේරුණ්ඩ පක්ෂියෙක් ඉන්න එකයි , තමුසෙ ජීවත් වෙන්නෙ ලෝකෙ උසම කන්දෙ කියන එකයි , මම දේව ගෝත්‍රිකයෙක් කියන එකයි මම පිලි ගන්නම්... ඒත් තමුසෙ බ්‍රහ්ම ගෝත්‍රිකයෙක්? තමුසෙ? විහිලු කරන්න එපා අයිසෙ"

රිවාන් , ඉවාන්ගෙ ඇඟට කඩාගෙන පැන්නා. වත්තෙ වාඩි වෙලා හිටපු රිවාන්ගෙ සුවදුක් හොයන්න ගියපු ඉවාන්ට ඔහුගෙ ගැන අනුකම්පාවක් ඇති උනෙ ඔහුට ජයබණ්ඩාර ලොකු හාමු නොසෑහෙන්න හිංසා කරනවා ඔහු ඇස් දෙකෙන්ම දැක්කා නිසා. ඒ නිසා ඔහු ගෝත්‍රික උරුමය සහ සුනේහරා රිවාන්ගෙ උරුමය වගේම , අතුරුදහන් වුනු රජ කුමරු විශුද් ගැන මුල සිට අගට සියලු තොරතුරු රිවාන්ගෙ කනේ තියන්න තීරණය කරලා හිටියා. කොහොම උනත් රිවාන්  ඔහු කියන දේ කී පයින්ම විශ්වාස කරන්න සූදානම් උනේ නැහැ. ඇරත් රිවාන් වලව්වෙ ශාපය සහ උරුමය ගැන කියනකොට බලාපොරොත්තු උනෙ මන්ත්‍ර ගුරුකම්වලට සම්බන්ධ දෙයක් විනා ලස්සන සුරංගනා කතාවක් වගේ ගෝත්‍රික උරුමයන් සහ ස්වභාව ධර්මයේ මායා වලින් පිරී ගිය කතාවක් නෙවේ. රිවාන් , ඉවාන්ට හොඳ හැටි රැව්වා.

"තමුසෙලා කියන වලව්වෙ ශාපය කියන්නෙ මොකක්ද නම් දන්නෙ නැහැ මම. ඒත් මට එක දෙයක් කියන්න පුලුවන්. තමුසෙ දේව ගෝත්‍රිකයෙක් වගේම මම බ්‍රහ්ම ගෝත්‍රිකයෙක්. බොටකඳයා , තමුසෙට මාව විශ්වාස නෑනෙ. හරි I is a prove "

ඉවාන් ගැම්මට කීව අන්තිම වචන ටික තේරුම් ගන්න රිවාන්ට සෑහෙන්න වෙලා ගියා.  උරුමයක් ගැන කිය කිය හිටපු මේකා රහසිගත භාෂාවක් පාවිච්චි කලාවත්දෝ කියලා රිවාන් හිතුවත් , ඊළග විනාඩියේ තමන්ගෙ ඉංශ්‍රීසි ගුරුවරියට ඇහුනොත් පපුවෙ අමාරුවක් හැදෙන තරමේ බරපතල ව්‍යාරණ වැරදි වලින් පිරුණු ඉංශ්‍රීසි වාක්‍යයක් ඉවාන් කීවා කියලා ඔහුට තේරුනා ම , රිවාන් නක්කලේට හිනා උනා.

කොහොම උනත් රිවාන්ට හිනා වෙන්න තිබ්බෙ පොඩි වෙලාවයි. පිලිකන්න පැත්තෙ ගස් වලට මුවා වෙලා වාඩි වෙලා හිටපු ඔවුන් දිහා කවුරුත් බලන්නෙ නැහැ කියලා සැක හැර ගත්ත ඉවාන් ඇස් දෙක පියා ගත්තා. ඒ එක්කම රිවාන් හුනස්සෙන්නෙ නැගිට්ටුනේ ඉවාන් පද්මාසනය පිහිටුවාගෙන පොලොව මට්ටමෙන් සැලකිය යුතු උසක පා වෙන්න ගත්ත නිසා. ඒ එක්කම ඔහු සුරත දිගු කරද්දී රිවාන්ගෙ අමුතු සීතලයක් දැනුනා. ඔහු දැක්කේ ලං නිල් පාට ආලෝකයක් එක්කලා ඉවාන් ගෙ අතෙ මතු වෙච්චි ඔහුගෙ දෛවයේ අසිපත ~ නීලම්බර්

පුනරාගමනWhere stories live. Discover now